“සක්වල” නැවතිලා නෑ. අපේ රටත් සිලිකන් නිම්නය වැනි මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් කළ යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද වන විට ඇමෙරිකානු නොවන රටකට අයිති ආයතන කේන්ද්‍ර කර ගෙන නව AI එකක් ආරම්භ කර ඇතිබවත් deepseak නම් මෙය chatgpt අභිබවා ගොස් ඇති බවත් අප රට ද සිලිකන් නිම්න බිහි කරන, මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන, නව පරිගණක හා තොරතුරු තාක්ෂණ නිපුණතා කුසලතා ඇති පාරාදීසයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මෙහෙයවු නාද අභිමන් 24 උත්සවයට එක්වෙමින්.

මීට පෙර තමා මේ පාසලට සුහුරු පන්ති කාමරයක් දුන් බවත් සක්වල හුස්ම තවම නැවතිලා නැති බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙය ආරම්භ කරන බවත් පක්ෂ භේදයෙන් තොරව ආණඩුව විපක්ෂය ඒකරාශි කර ගෙන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ පාසල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආදර්ශමත් විද්යාලයක් බවට ද පත් කළ හැකි බවත් ලොව දිනන නව තාක්ෂණයක් වන ⁣තොරතුරු තාක්ෂණය සැම පාසලකම ක්‍රියාත්මක කළ යුතු බවත් මෙය රජයට පමණක් තනිවම කළ නොහැකි බවත් රාජ්‍ය රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ආදි සියලුම දේ සම්බන්ධ කර ගෙන නවීනතම උපකරණ නව තාක්ෂණ ක්‍රමවේද ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...