*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අනාගත ණය බැඳීම් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ශ්‍රී ලංකා මහ බැංකුව නැවතත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට මෑතක දී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රකාශ පදනම් රහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

මහ බැංකුව තවදුරටත් සඳහන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වසනීය නිල දත්ත තිබියදීත් මෙම වාර්තාවල පැහැදිලිවම සාවද්‍ය වන කරුණු අඩංගු වීම කණගාටුවට කරුණක් බවයි.

සියලු අනාගත ණය බැඳීම් පියවීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවාකරණ ගෙවීම් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව කැප වී සිටින බවට දේශීය සහ විදේශීය ආයෝජක ප්‍රජාව සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ.

2022 වසරේ ජනවාරි මාසයේ දී කල් පිරුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථක ලෙස පියවීමට ශ්‍රී ලංකාව සමත් වූයේ එවැනි පියවීමක් කළ නොහැකි වනු ඇති බවට සමහර පාර්ශවයන් අතර සෘණාත්මක අනුමාන කිරීම් තිබියදීය.

2020 වසරේ ජනවාරි මස පටන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක මුළු වටිනාකමක් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම් සමඟ දැනට නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 12.55ක් දක්වා අඩු වී ඇති අතර, එය 2022 වසරේ ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 11.55ක් දක්වා තවදුරටත් අඩුවනු ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

එය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස 10%ක් දක්වා පමණ අඩුකර ගැනීමේ රජයේ අරමුණ සාක්ෂාත් කරනු ඇත.

මෙම අරමුණ වෙනුවෙන් 2022 වසරේ ජූලි මාසයේ දී කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයද ඇතුළුව ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ද්විපාර්ශවික සහ බහුපාර්ශවික අරමුදල් සැලසුම් ගණනාවක් හරහා විකල්ප විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කර ගැනීමට රජය සහ මහ බැංකුව දැනටමත් අවහ්‍ය පියවර ගෙන ඇත.

මෙම පසුබිම තුළ අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් අත්කර ගැනීම් සහ එමඟින් ජාත්‍යන්තර සංචිත ගොඩනැගීම තුළින් ස්වෛරීත්ව ණය කිසිදු බාධාවකින් හෝ පැහැර හැරීමකින් තොරව පියවීමට හැකි බවට රජයට සහතික විය හැකි නිසා, ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ආයෝජකයින් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ දී මතු නොවන බවයි මහ බැංකුව ප්‍රකාශ කර සිටින්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan