සල්ගාදු රැලියේදී අගමැති මහින්දගේ ඔරලෝසුව නැතිවුණු කතාව සම්පූර්ණ බොරුවක් !

ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත රැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වටිනා ඔරලෝසුවක් අස්ථානගත වී ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරංචිමාර්ග පවසයි.

එම රැලියෙහි වේදිකාව මතදී වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අල්ලා එසවීමට උත්සාහ දරා තිබුණු අතර එයින් මහින්ද රාජපක්ෂ මහතා කෝපයට පත්ව අත ගසාදමන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය විය.

අග්‍රාමාත්‍යවරයාගේ ඔරලෝසුව නැතිවී ඇති බවට සමාජ මාධ්‍ය ජාල තුළ පුවතක් පැතිර ගියේ මෙම වීඩියෝවෙන් අනතුරුව ය.

කෙසේවෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග තරයේ ප්‍රකාශ කළේ.

විශේෂයෙන්ම රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ අන්වර්ථ නාමය “රත්තරං” නිසා කවුරුත් සිටියේ වැඩි අවධානයකිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් ඇතුළු පිරිසගෙන් අධිකරණයට මෝසමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර...

අඩු පීඩන කලාපය බටහිර දෙසට – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන...

ටිබෙටයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.0ක භූ කම්පනය හේතුවෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඊයේ(22)...

සජිත් මඩට තිබ්බ කකුල ….

නිකම් හිතන්න අර දැන් සතියකට විතර ඉස්සර අර සියඹලන්ගමුව...