*
Friday, April 26, 2024
spot_img

Latest Posts

උස්බෙකිස්තාන ගුවන් ගමන් මත්තල ගුවන්තොටුපළට!

උස්බෙකිස්තානයේ Uzbekistan Airways ගුවන් සේවාව හරහා ගුවන් ගමන් ශ්‍රී ලංකාවට ආරම්භ වන බවට වාර්තා වේ.

ඒ අනුව, පෙබරවාරි 09 වන දින සිට ශ්‍රී ලංකාවේ හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත උස්බෙකිස්තාන ගුවන් ගමන් සිදුවීම ආරම්භ වෙයි.

2022 පෙබරවාරි 9 වන දින සිට සෑම බදාදා දිනකම උස්බෙකිස්තානය සහ මත්තල අතර සතිපතා ගුවන් වාරයක් ක්‍රියාත්මක වන බවයි අදාළ ගුවන් සමාගම නිවේදනය කරන්නේ.

මේ සම්බන්ධයෙන් Airport and Aviation Services Sri Lanka (AASL) පෞද්ගලික සමාගම හා Uzbekistan Airways ගුවන් සමාගම ඉකුත් වසරේ දෙසැම්බර් මස ඩුබායි හි පැවති Air Service World Congress 2021 සංසදයේ දී පුළුල් වශයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, ඒ අනුව ගුවන් මෙහෙයුම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ආරම්භ කිරීමට එකඟතාව පළ කර තිබේ.

මෙමඟින් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ඉහළ නංවාගැනීමටත්, සංචාරක කර්මාන්තය සඳහා නව වෙළඳපොළක් ස්ථාපිත කිරීමටත් හැකිවනු ඇත.

පැවති කොවිඩ් වසංගතය මධ්‍යයේ වූව ද මත්තල ගුවන්තොටුපළ වෙතට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට විවිධ ගුවන් සමාගම් කටයුතු කර තිබුණු අතර, එම ගුවන්තොටුපළ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිය අන්දම පසුගිය දිනවල දක්නට ලැබිණි.

දැනට, SkyUp Airlines සහ Gullivair Air යන ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ලබා දෙන අතර, එකී වරලත් ගුවන් ගමන් දිගටම රට තුළට පැමිණීමට සැලසුම් යොදා ඇත. මෙම වසරේ ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයන් 2900 කට අධික සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් AASL සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර ගුවන් සේවා හා සංචාරක ක්‍රියාකරුවන් වෙත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රවර්ධනය කිරීමට තම සමාගම දිගටම කටයුතු කරන බවයි.

එමෙන්ම, මත්තල ගුවන්තොටුපළ සමඟ සමඟ නව ගමනාන්ත සම්බන්ධ කරමින් Uzbekistan Airlines ගුවන් සමාගම සිය වරලත් ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම වැඩසටහන පශ්චාත් වසංගත තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා සහාය වන බවත්, උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කරනු ඇතැයි බවත් තමා විශ්වාසය පළ කරන බව ද චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan