තිස්සකුට්ටියේ ව්‍යාජ බැංකුවක් පිළිබඳව චමින්ද විජේසිරිගෙන් හෙලිදරව්වක් !

Date:

මහජන නියෝජිතයෙකු විසින් පවත්වාගෙන යන නීතිවිරෝධී බැංකුවක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි. සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේ මෙම බැංකුව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා විසින් ආරම්භ කර ඇති බවයි.

ග්‍රාමීය සමුපකාර බැංකුව නමින් පවත්වාගෙන යන මෙම බැංකුව දිස්ත්‍රික් 09 ක ක්‍රියාත්මක වන අතර ශාඛා 171 ක් හරහා මුදල් එකතු කරන බවට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා චෝදනා කරයි.

කෙසේ වෙතත් තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙරට බැංකු නීතිය පිළිබඳව හෝ සමුපකාර නීතිය පිළිබඳව හෝ කිසිදු අවබෝධයක් නොමැතිව චමින්ද විජේසිරි මහතා තමාට අභූත චෝදනා එල්ල කරන බවයි.

දිස්ත්‍රික් 09 ක් ආවරණය වන පරදි තමන් විසින් ආරම්භ කර ඇති ප්‍රාග්ධන සමුපකාර සමිතිය බැංකුවක් ලෙස චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා හඳුන්වන බව පෙන්වා දෙන තිස්සකුට්ටිආරච්චි මහතා පවසන්නේ එය ආරම්භ කළේ රැකියා විරහිත උසස් පෙළ සමත් තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් බවයි. වසර 20 ක් පුරා මෙම සමුපකාර සමිතිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් එම සාර්ථකත්වය ඉවසා ගත නොහැකිව විපක්ෂය අභූත චෝදනා කරන බවත් ඔහු පවසනවා.

මෙම සමුපකාර සමිතිය මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් බැවින් එය කිසිසේත්ම නීතිවිරෝධී බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා. තමන් දේශපාලනයට පැමිණීමට පෙර මෙම සමිතිය ආරම්භ කළ බව පෙන්වා දෙන තිස්සකුට්ටි මන්ත්‍රීවරයා පවසන්නේ දේශපාලනයට පැමිණීමෙන් පසුව එහි කිසිදු තනතුරක් නොදරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...