චම්පිකට මෙවර සභාපතිකමත් නෑ, සාමාජිකත්වයත් නෑ

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේදී ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට එහි හිටපු සභාපති පාඨලී චම්පික රණවක මහතා පත්කර නැත.

මෙම කාරක සභාව සඳහා විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු පත්කර නොමැත.

කථානායකවරයා විසින් නිවේදනය කළ ආකාරය අනුව එම කාරක සභාවේ සාමාජිකයින් වන්නේ ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, එස්. එම්. එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරුන් ය.

එමෙන්ම මීට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් චම්පික රණවක මහතා පත්කර තිබුණත් මෙවර එම කාරක සභාවේ විපක්ෂ නියෝජනයට ද ඒ මහතා වෙනුවට නාලක ගොඩහේවා මහතා පත්කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...