BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වී තිබේ.

එම නඩුවේ තීන්දුව අද (11) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරිණි.

එසේම එම නඩුවේ තවත් විත්තිකරුවන් 4 දෙනෙකුට මාස 6 බැගින් සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් වසර පහකට අත්හිටවීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර ඇති අතර සෙසු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස් කිරීමටයි නියම කර ඇත්තේ.

2022 මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා හටගත් ගැටුම්කාරී තත්වය තුළ නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු ජයන්ත ගුණවර්ධන මහතාට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2023 වසරේදී මෙම නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

අධිචෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබිණි. 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : පුවත ඇසීමට මෙතනින්.. ඔබ...