නගරාධිපතිකමත් සභාපතිකමත් දෙකම නැතිවුණු එරාජ් සජබට සෙට් වෙන්න හදයි !

Date:

ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් හම්බන්තොට නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වුවද මේ වනවිට එම තනතුරු දෙකම අහිමි වී සිටින එරාජ් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයට එක්වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

ලුණු සංස්ථාවෙහි හිටපු සභාපති නිශාන්ත සඳබරණ මහතාව එම තනතුරින් ඉවත් කිරීම සඳහා මාරාන්තික උපවාසයක ද නිරත වූ එරාජ් ප්‍රනාන්දු මහතාට ලුණු සංස්ථා සභාපති ධුරය ලබාදෙන බවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ලබාදී තිබුණු පොරොන්දුවක් අනුව ඔහු ඊයේ (10) හම්බන්තොට නගරාධිපති තනතුරින් ඉල්ලා අස්වූයේය. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි විරෝධය නිසා ඔහුට ලුණු සංස්ථා සභාපති ධුරය නොලැබෙන තත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ.

ඒ අනුව අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් යන දෙකම අහිමි වී සිටින එරාජ් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයට එක්වීමට සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දැනටමත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ කර ඇති වැඩකොටස අනුව මීළඟ මහමැතිවරණයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සජබට ආසන තුනක් දිනාගැනීමේ හැකියාව පවතින හෙයින් දැන්ම තියා එම පක්ෂයට සම්බන්ධ වී මීළඟ මහමැතිවරණයට තරග කිරීම ඔහුගේ අරමුණ වී ඇති බව සඳහන්.

මීට හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගෙන් ද සුබ ප්‍රතිචාර ලැබී තිබුණු බවත් ආරංචිමාර්ග පැවසීය.

කෙසේවෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තරයේ අවධාරණය කළේ පිස්තෝලකාර, මැර දේශපාලනඥයින්ට සමගි ජන බලවේගය තුළ කිසිදු ඉඩක් නොමැති බවයි.

RN

පෙර පුවත් –

නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වූ එරාජ්ට ලුණු සභාපතිකමටත් පොල්ලක් ?

ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට !

අපේ ලොකු උන්නැහේ මඟුල් පෝරුවේදිම දෑවැද්ද ගැනපු මිනිහානෙ – අගමැති කියපු කතාව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...