වාරණ නියෝගය ලැබුණේ නෑ – සෞඛ්‍ය වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මකයි

0
333

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව අධිකරණය ඊයේ (10) නිකුත් කළ වාරණ නියෝගය තමන් වෙත ලැබී නොමැති බැවින් වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කෙසේවෙතත් එම නියෝගය තමන් වෙත ලැබුණු පසුව නීතිමය උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම වාරණ නියෝගයේ නම සඳහන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණේ වැඩවර්ජන ක්‍රියාමාර්ගවලට එළඹීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතියක් වන අතර තම සංගමය කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් කර නොමැති බවයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here