අර්ථසාධක අරමුදල අධිභාර පනතෙන් ඉවත් කර ගන්න – කරු ජයසූරිය

Date:

විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන අර්ථසාධක අරමුදල යෝජිත අධිභාර පනතෙන් ඉවත් කර ගන්නා ලෙස දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය.

අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් ලෙස හඳුන්වන කරු ජයසූරිය මහතා පවසන්නේ එම අරමුදලට අත නොතබන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවයි.

පෞද්ගලික අංශයේ සේවකයන් විශාල ප්‍රමාණයක් අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා සිටින බවත්, රැකියාවෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔවුන්ගේ එකම බලාපොරොත්තුව අර්ථසාධක අරමුදලේ ඉතිරි කරගත් මුදල්වලින් විශ්‍රාම දිවිය සතුටින් ගත කිරීම හා දරුවන් වෙනුවෙන් යුතුකම ඉටු කිරීම බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසනවා. එම නිසා විශ්‍රාමිකයන්ගේ එම බලාපොරොත්තුව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවද එම සංවිධානය අවධාරණය කරයි.

මීට පෙර ඇතැම් බලවත් පුද්ගලයන් අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කර, අසරණ ජනතාවගේ අරමුදල් භාවිතා කර කෝටිපතියන් බවට පත් වූ බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ අර්ථසාධක අරමුදල තවදුරටත් අවභාවිතා කිරීමට ඉඩ තැබිය නොහැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...