නාලන්ද ඝාතනය කර අදට වසර 25 ක් – ගුණානුස්මරණ උත්සවය කුරුවිට දී 

Date:

රටේ අනාගත නායකත්වයට පත්වීමේ සියලු ආකාරයේ සුදුසුකම් සපුරා සිටි නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රීවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අද (11) දිනට වසර 25ක් සපිරේ.

1997 පෙබරවාරි 11 වන දින කුරුවිට නගරයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබූ මැර දේශපාලනඥයින් පිරිසක් ඔහුට වෙඩිතබා ඝාතනය කරනු ලැබිය. මැතිවරණයක් කැඳවා තිබු එම අවස්ථාවේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයා, සිය සමීපතම දේශපාලන සගයකු වන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් සමග පෙළපාලියකින් එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වුයේ දෙනෝදාහක් බල සිටියදී ය.

 නාලන්ද එල්ලාවල ඝාතනය එකල ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල ආන්දෝලනයකට ලක් වූ සිදුවීමකි.

එල්ලාවල පරපුරේ මුදුන්මුල වූ නන්ද එල්ලාවල තම දේශපාලන දිවියෙන් මෙන්ම පනස් වසරක ජීවන ගමනින්ද හදිසියේ සමුගත්තේ 1989.12.16 දිනයි. නන්ද එල්ලාවලගෙන් ගිලිහුණු වමේ දේශපාලන නිල්ධජය භාරගත් ඔහුගේ සුජාත පුත්‍රයා වූ නාලන්ද එල්ලාවල කෙරෙන් අංකුර දේශපාලන නායකයකුගේ ලක්ෂණ විද්‍යාමාන විය.

1967 මාර්තු මස උපත ලැබ ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය. නාලන්ද සතුව තිබූ දේශපාලන ඥානය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ද මවිත කළේය.

1993 දී සබරගමුව පළාත් සභා මැතිවරණය ජයගත් නාලන්ද තරුණයා 1994 මහමැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වන මනාපලාභියා ලෙස පාර්ලිමේන්තු පත්විය.

ප්‍රදේශයේ ජනතාවගේ දැවෙන ගැටලුවලට තමන් හැකි අයුරින් පිහිටවීම ඔහු තුළ තිබූ කුසලතාවක් විය. වරක් කළුගඟ කලඹාගෙන පැමිණි මහා ගංවතුරින් රත්නපුර හා අවට නාගරික හා ගම්බද පෙදෙස් යට වී ජීවිත හා දේපොළ විනාශ වනු බලා සිටිනු නොහැකිව ගලා යන ජල ධාරාව සමග පොරබදා දිවි පරදුවට තබා සටන් කළ අයුරු ජනතාව අදත් සිහි කරති.

faa6a50c d74c 4103 8f2e 4b23ef2f2194

එසේම මංගල සමරවීර සමග එක්ව ‘සුදු නෙලුම් ව්‍යාපාරය’ රටවටා ගෙනයමින් ජාතින් අතර සංහිඳියාවක් ඇති කිරීමට නාලන්ද අවංකවම කැපවූ තරුණ දේශපාලනඥයෙකි.

තරුණ ජවයත් මානුෂීය හැඟීමත් නිසා ඔහු කළ කි දෑ නොරිස්සු අන්තගාමි ප්‍රතිගාමි පිරිසක් පැවති එජාප රාජ්‍ය බලය තමන් අතට ගෙන ක්‍රියා කළහ. ඔවුහු කල් යල් බලා නාලන්දයන්ගේ කෙටි ජවසම්පන්න දිවිය 1997 පෙබරවාරි 11 වැනිදා බිලිගැනීමට කළ කුමන්ත්‍රණය සාර්ථක විය.

දෙස් විදෙස් රටවල් පවා ආන්දෝලනයට පත්කරමින් මහදවාලේ කුරුවිට නගරයේදී හත් දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් තරුණ නාලන්ද වෙඩි තබා ඝාතනයට පත් කළ බව වාර්තා විය.

273636766 494760725347958 7434022852535609696 n

ඇමති ඩලස් අලහප්පෙරුම සිය ෆේස්බුක් පිටුවේ අද (11) පළකර ඇති පොස්ටුවක්..

සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

මේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුසන්ත පුංචිනිලමේ එකල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා ලබා සිටි සුසන්ත පුංචිනිලමේ 2013 වසරේදී නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. ඒ වනවිට ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක්ව සිටියේය.

1997 පෙබරවාරි 11 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුවිට නගරයේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාට සහ කොස්තාපල් ටීඑම් ජයසේනට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් උපාලි සිරිසෝම ඇතුළු තිදෙනකුට තුවාල සිදු කිරීමත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතර විය.

මූලික නඩු විභාගයේදී ඇතැම් විත්තිකරුවන් නිදහස් වීම සහ නඩු විභාගය අතරතුරදී මියයාම හේතුවෙන් ඒ වන විට විභාගය පැවැත්වුනේ අමාත්‍ය පුංචිනිලමේ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව පමණි.

පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බැවින් විත්තියේ සාක්කි නොකැඳවාම අමාත්‍ය පුංචිනිලමේ ද චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි 2013 දී  නියෝග කළේය. ඒ අනුව නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ සියලුම විත්තිකරුවන් නිදහස ලබා ඇත.

මේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුසන්ත පුංචිනිලමේ රාජපක්ෂ පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයට තරඟ කල ද පරාජයට පත්විය.

ඝාතනයට ලක්වූ නාලන්ද එල්ලාවල ගුණානුස්මරණය කිරීම සඳහා වූ විශේෂ වැඩසටහනක් අද කුරුවිට නව නගරයේ ‘කේතුමතී’ හිදී අද පෙරවරු 10 ට පැවැත්වේ. 

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...