පරිපූරක වෛද්‍ය වෘත්තික ඉල්ලීමක් වෙනුවෙන් වෛද්‍ය බෙල්ලනත් පෙරමුණට! (VIDEO)

Date:

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ සාධාරණ ඉල්ලීමක් වන උපධිධාරීන්ට වෙනම වැටුප් තලයක පිහිටුවන ලෙස කර තිබෙන ඉල්ලීම වෙනුවෙන් තමන්ද අද සිට පෙනී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එය සාධාරණ ඉල්ලීමක් බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

එවැනි ඉල්ලීම් ප්‍රමාද නොවී ඉටුවිය යුතු බවයි ඔහු කියාසිටින්නේ.

කෙසේවෙතත් මේ රටේ ජනතාවගේ පැත්ත ගන්නා වෘත්තීය සමිති නැති බවයි බෙල්ලන මහතා පවසන්නේ.

”ජනතාව අන්ත අසරණයි කියල මම ඇස් දෙකෙන් දකිනවා. මේ දෑස කුමටද කියල තමයි මට අහන්න වෙන්නේ. ඒවා දැක දැක මට බැරිනම් මේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත්වෙන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන කියන්නේ මම හැමතිස්සෙම කියන දෙයක් තමයි දේශපාලනික පසුබිමක් ඒ තුළ තිබෙනවා කියන එක. ඒක අද ඔප්පු වෙලා ඉවරයි. අපි සාමාන්‍යයෙන් හිතනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නේ උගත් අය කියල. එහෙම දෙයක් නැහැ. උගත් නෙවෙයි කම්කරුවන්ට තරම්වත් වෘත්තීය සමිති විඥානයක් නැති තරම්. ඕන බොරුවකට යටත්ව රෝගීන්ට එරෙහිව වැඩවර්ජනය කරන්න පුළුවන් කියන්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බල්ලට ගිහිල්ලා. බල්ලෝ රජකරන තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...