*
Monday, May 20, 2024
spot_img

Latest Posts

බිත්තරත් කාලා හමාරයි. හෙට සිට 65 දක්වා ඉහළට !

හෙට (12) දිනයේ සිට බිත්තරයක් රුපියල් 62 – 65 අතර මිලකට අලෙවි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා සඳහන් කළේ කුකුළු ගොවිපලවල් වලින් බිත්තර මිල ඉහළ දැමීම මීට හේතුවී ඇති බවය.

“මට ඉතාම කණගාටුවෙන් ප්‍රකාශයක් සිදුකිරීමට තියෙනවා. සඳුදා සිට පාරිභෝගික ජනතාවට මට බිත්තරයක් දීමට හැකියාව තියෙන්නේ සිල්ලර මිල වශයෙන් රුපියල් 62 – 65 අතර මිලකට. ඒකට හේතුව තමා අපි තොග මිල රුපියල් 58ක් හෝ 59ක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ෆාම් එකෙන් අපට බිත්තර නිකුත් කරන්නෙ රුපියල් 53, 54 කියන මිලවල් වලට. අපි ඒ මිලට අරගෙන කොළඹට ඒ බිත්තර ගෙනෙද්දී රුපියලක් ට්‍රාන්ස්පෝට් මිල යනවා, එතකොට රුපියල් 55යි. අපි ඒකට රුපියල් 3ක් එකතු කරලා තමා 58 ට අපි තොග කඩේට බිත්තර ටික බාන්න වෙන්නෙ”

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් මේ වනවිට වැසී ගිය කුකුළු ගොවිපළවල් යළි ආරම්භ කෙරෙමින් පවතින නිසා ඉදිරියේදී රුපියල් 35ක් වැනි මිලකට දේශීය බිත්තර පාරිභෝගිකයින්ට ලබාදීමට හැකි බවයි පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan