*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ගාල්ලෙන් ඉන්දියාවට සූරතා තුනක් සහ අනු සූරතාවක්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 11 කොළඹ (LNW): දඩල්ල පිහිටි ගාල්ල දිස්ත්‍රික් ගෘහස්ථ ක්‍රිඩා සංකීරණයේදී ක්‍රිියාත්මක වූ ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභයෝගතා බැඩ්මින්ටන් සූරතාවලියේ දී ඉන්දියාව සූරතා තුනකට සහ එක් අනු සූරතාවකටත්,තායිලන්තය සූරතාවකට සහ අනු සුරතාවකටත් හිමිකම් කීවේය.ඉන්දුනීසියාව පිරිමි යුගල සූරතාවය දිනා ගත් අතර එම කාණ්ඩයේ අනු සූරතාවය හිමි වුයේ මැලේසියානු ක්‍රීඩක යුගලයකට ය.


ඉන්දියාවට මිශ්‍ර සූරකාවය අත් කර දුන්නේ අසිත් සූර්යා සහ අම්රුතා ප්‍රමුතේශ් ය.ඔවුන් දෙදෙනා ඉදිරියේ පරාජය ලද තායිලන්තයේ පුවනාට් හොර්බන්ලුකේට් සහ චැසිනි කොරේපාප් සමඟ වූ අවසා තරගයේ ලකුණු තත්ත්වය වූයේ 21 – 15 -21 – 13 කි.
පිරිමි කේවල අවසාන තරගයේදී ඉන්දියාවේ කාර්්තික්ලි ගුල්ෂාන් කුමාර් විසින් ඉන්දියාවේම රිත්වික් සන්ජිවි සතිස් කුමාර් පරාජය කරන ලද්දේ තරග වට 2-0 ක් ලෙසය.ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 18 සහ 21 -17 ක් ලෙසය.කාන්තා අවසාන තරගයට පෙනී හිටියේ ද ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ය.එහිදී පළමු වටයේදී සූරතාවය දිනූ ඉෂාරනී බරුවා සහ රකිස්තා ශ්‍රී සන්තෝෂ් රාම්රාජ් අතර තියුණු සටනක් ඇති විය.එහිදී එම වටය ලකුණු 22 – 10 ක් ලෙස ජයගත් ඉෂරානි දෙවන වටය ද ලකුණු 21 – 14 ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකා අභියෝගයේ කාන්තා සූරිය වූවාය.


පිරිමි යුගල තරග අංශයේදි සියලු ඉන්දියානුවන්ගේ ඉඩ අහුරමින් ඉන්දුනීසියාවේ රහමර් හිදායට් සහ යකෝබ් රම්බිටාන් සමඟ මැලේසියාවේ බ්‍රයන් ජෙරමි ගූන්ටින්ග් සහ ෆස්රික් මොහොහඩ් රෆීස් අවසාන තරගයට පිවිස තිබිණි.එහිදී තියුණු සටනකින් පසුව ඉන්දුනිසියානු යුගලය තරග වට 2-1 ක් ලෙස තරගය ජයගත් අතර ලකුණු සටහන දැක් වුණේ ලක්ණු 18 – 21,21-15 සහ 21 -15 කු ලෙසය.


කාන්තා යුගල තරගයේදී වැඩි අවධානයක් දිනා සිටි රුටපර්ණා පන්ඩා සහ ස්වෙටපර්ණා පන්ඩා අභිබවා යන්නට තායිලන්ත යුගල ක්‍රීඩිකාවෝ සමත් වූහ.තායිලන්තය නියෝජනය කරමින් තරග වැදුණු පිචමොන් පච්චාරපිෂුට්ෂින් සහ නන්නපාස් ෂුක්කලාද් මෙම තරගයේදී ලකුණු 21 -12 සහ 21 -14 ලෙස ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය කළ අතර ශ්‍රී ලංකාවේ කාන්තා යුගල අතරින් ඉදිරියටම පැමිණි යුගලය වූ 15 හැවිරිදි ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා පරාජයට පත් වුණේ මෙම තායිලන්ත ක්‍රීඩිකාවන් හමුවේය.
මේ තරගාවලිය ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තැබූ විශ්වාසයට සාධාරණයක් වන අකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්වන සංවිධානත්වයකින් සහ ආගන්තුක සත්කාර්යෙන් පුර්වා තබන්නට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයට හැකි වි තිබිණ.එසේම ආකර්ශණිය දකුණු ලක වෙරළ මෙන්ම ප්‍රධාන හෝටල් සමූහයට අමතරව කුඩා හෝටල් පද්ධති ද දෙස් විදෙස් ක්‍රීඩකයන්ගෙන් පුරවා තැබුණු,විශේෂයෙන් විදේශ මුදල් ගැවසුණ දින ගණනාවක් බවට එම දින කිහිපය පත් වීම ඊ ළඟ තරගාවලිය ද මේ හුස්මටම ඇරඹෙන බැවින් තව දුරටත් රටේ ඇති වූ යහපත් තත්ත්වය තවත් දින ගණනාවක් ඉදරියටත් දැක ගන්නට හැකි වනු ඇත.

මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ පිරිමි ඒකල සූරතාවය දිනූ කාර්තික්ලි ගුල්ෂාන් කුමාර් ය.දෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ කාන්තා යුගල සූරතාවය ජයගත් තායිලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනා ඉසුරි සහ සිතුමි සමඟ තරග කළ අවස්ථාවය.කේවල් කාන්තා සූරතාවය දිනූ ඉෂරානි බරුවාගේ ඡායාරූපයක් ද මේ සමඟ වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan