රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසූ ජනපති!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ වන රෝගාතුරුව පසුවන අතර ඔහුගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොස් ඇත.

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ කටුගම්පළ පිහිටි නිවසට අද (11) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසමින් කෙටි කථා බහක නිරත වූ වාර්තා වේ.

අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ නිවස අසළට රැස්ව සිටී ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහද පිළිසඳරකට එක් විය.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම යන මහත්වරු ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...