අසලංකගෙන් රටේම බර දෙ’උර මත තබා ගත් ඉණිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 12,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන පළමු එක්දින තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 215 ට දැවී ගියා.ශ්‍රී ලංකා ඉණිම සම්පූර්ණයෙන් දෙ’උර මතට ගනිමින් නායකත්වයේ වගකීම මොනවට ඔප්පු කළ චරිත් අසලංක ඓතිහාසික වටිනාකමකින් යුත් ඉණිමක් දියත් කළේය.හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් සහිත වූ ලකුණු 127 ක් වූ අසලංකගේ ඉණිම වගකීම් සහගත සාඩම්බර ඉණිමක් සහ සිය කඩුලු නිරපරාදේ වීසිකර දැමූ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට සුවිශේෂි පාඩමක් ද විය.

අසලංකගෙ ඉණිමට සුවිශාල සහයක් ලබා දුන් දුනිත් වෙල්ලාල හයවන කඩුල්ලට ලකුණු 77 ක සබඳතාවක් පැවත්වීය.මුහුණ දුන් පන්දු 34 න් පන්දු දෙකක් හතරේ පහරවල් ද පන්දුවක් හයේ පහරක්ද බවට පත් කළ වෙල්ලාලගේ ගේ දායකත්වය ලකුණු 30 ක් විය.

එහෙත් අසලංකගේ වෑයම නිශ්පල වීමේ අවදානම් සළකුණු මතු කරමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 8 ට ලකුණු 135 ක් විය.එහිදී අසලංකගේ මහන්සියට නියම වටිනාකම දුන් ඒෂාන් මාලිංග සිය කඩුල්ල කණ්ඩායම් හැඟීමෙන් සහ නායකයාගේ ශතකය වෙනුවෙන් සුරක්ෂිත කරමින් දැක් වූ ක්‍රීඩා විලාශය විශිෂ්ට එකක් විය.ඒ අනුව නවවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සබඳතාවක් ගොඩ නැඟිණ.තරගය නිමාවෙන විට ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා බෙහෙවින් සුවිශාල වූ ලකුණු 1 ක් ගෙන ඒෂාන් මාලිංග පන්දු 26 ට මුහුණ දී නොදැවී සිටියේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමට සමත් වූ පන්දු යවන්නා වූයේ ශේන් ඇබොට්ය.ඔහු ලකුණු 61 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...