සීආර් කණ්ඩායම අපරාජිත බව රැකගෙන පෙරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 12 කොළඹ (LNW): නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ජාතික රග්බි ලීග් තරගාවලියේ ඊයෙ පැවති සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර තරගයේදී මෙවර තරගාවලියේ තවමත් අපරාජිත බව රැකගෙන සිටින සීආර් කණ්ඩායම වැඩි අපහසුවකින් තොරව ජය ගන්නට සමත්වීම කැපී පෙණුනා.අවසාන තරග ප්‍රතිපලය ලකුණු 32 – 12 ක් වූ මෙම තරගයේ පළමු අර්ධය නිමාවන විට සීආර් කණ්ඩායම ලකුණු 14 – 5 ක් ලෙස පෙරමුණ ගත්තා.


සීආර් කන්ඩායම සිය ලකුණු 32 ලබා ගැනීමේදී උත්සාහක දිණුම් 4 ක් වාර්තා කරා.එම උත්සාහක දිණුම් හතරෙන් තුනකම ප්‍රවර්ථන සාර්ථක ලෙස නිම කරන්නට සමත් වූ අතර දඩුවම් පහර දෙකක් ද ලකුණු අතරට එකතු වී තිබුණා.ලබා ගත් උත්සාහක දිණුම හතරෙන් දෙකකම හිමිකාරත්වය ලසිඳු කරුණාතිලක සතු වුණා.අමිත් ගුණසිංහ සහ ඉරංග ආරියපාල එක උත්සාහක දිණුම බැඟින් ලබා ගත්තා.චතුර සෙනවිරත්න එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කිරීමෙන් නොනැවතී, දඩුවම් පහර දෙකක් ද නිසි එල්ලයට යොමු කරමින් සීආර් ලකුණු පූවරුව පොහොසත් කරන්නට දායක වුණා.මනිල්ක සුලක්ෂණ රුබේරු ප්‍රවර්ථක දෙකක්ම සාර්ථක කරමින් සීආර් කණ්ඩායමේ ලකුණු පූවරුවට ශක්තියක් වුණා.


සීඑච් කණ්ඩායමේ ලකුණු 12 ලබා ගත්තේ උත්සාහක දිණුම් දෙකක් සහ එක් ප්‍රවර්ථනයක් හරහා යි.නිරෝශ් පෙරේරා සහ ප්‍රසාත් මධුශංක උත්සාහක දිණුම් වාර්තා කළ අතර මලික්ෂ පෙරේරා එක් ප්‍රවර්ථනයක් සාර්ථක කර ගන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...