රම්පෙට පොරි හැලෙන කතාවක්

Date:

ලෝකෙ කෑම ජාති ගොඩක් තියෙනවා. ගුටි කෑම. වලි කෑම. හිටගෙන කෑම. ඉඳගෙන කෑම. දුව දුව කෑම. ලෙව කෑම වගේ ගොඩක් ඒ අස්සෙ තියෙනවා. හැබැයි baltimora අද කියන්නෙ එහෙම කෑමක් ගැන නෙවෙ. හැබැයි කෑමක් ගැන තමයි. අපි දන්නවා, උදේ කෑම – දවල් කෑම – රෑ කෑම කියල බඩට යන කෑම ජාති ටිකක් තියෙනවා. තව එක්ස්ට්‍රා කෑම ජාති වගේකුත් තියෙනවා අතුරුපස කෑම කියල. ඩබල් එක්ස්ට්‍රා කෑම ටිකක් තියෙනවා කඩචෝරු කියල. Baltimora අන්න ඒ මෙනූ එකේ කඩචෝරුවක් ගැන කතාවක් මේ දිගාරින්න හදන්නෙ. 

මේක ගැන ඔලුවට ආවෙ නිකං නෙවෙ. ෆිල්ම් එකක් දෙකක් බලන්ඩ හෝල්වලට බඩගෑව පහුගිය දවස් දෙක තුනේ දැකපු දේවල් එක්ක. මේක අමුතු දෙයක් නොවුනට අමුත්තක් නැත්තෙමත් නෑ ඉතිං. කෑමෙ නම ‘ පොරි’. අපිට හුඟක්ම හුරු පොප්කෝන් කියල බව baltimora දන්නවා. සෝ පොප්කෝන් – ෆිල්ම් ඇන්ඩ් ෆිල්ම් හෝල්ස් කිව්ව ගමන් baltimora දැක්ක දේවල් අමුටුවෙන් ගලපන්න ඕන්නෑ කියල හිතනවා. 

ඉතිං මොනවද මේ පොරි? රහ වැටුණම කන එක කන්ට්‍රෝල් කරගන්ඩ බැරි කරවන මේ මැජික් කෑම මොකද්ද අප්පා , කියල හිතෙන තරමටම පොරිය සොමියක් වෙනවා. කොහොමත් මේක අපේ රටේ කෑමක් නෙවේ. මිනිහෙක් මෙච්චර රහ වට්ටගෙන කනව කෑමක් අපේ රටේ තියෙනවා නං ඒ ‘හොරා කෑම’ වගේ දෙයක් විතරනෙ බ්‍රෝ. ඒ නිසා නෝ කලබල. 

පොරි මෙක්සිකන් කෑමක්. මීට අවුරුදු පන්දාස් ගානකට එහායින් මෙක්සිකෝවෙ යූටා ප්‍රදේශෙ තියෙන වවුල් ගුහාවක තිබිලා මේ ප්ලාන්ට් එක හම්බෙනවා. පොප් සීඩ්ස් පවා ඒ ගුහාව ඇතුලෙන් හොයාගෙන තියෙනවා. පේරු, ග්වාත්මාලාව, සවුත් ඇමරිකා කියන පැතිවලත් කෝන් හිස්ට්‍රි එක ගැන අවිඩන්ස් තියෙනවා. ඇසිටෙක්ස්වරු ඒ කියන්නෙ මෙක්සිකෝවෙ ඉන්ඩිජීනියස්ලා. උන් මේ කෝන් සීඩ්ස්වලින් ඇඳුම් සැරසිලි, ජුවලරි එහෙම හදලා තියෙනවා. 

පස්සෙ කාලෙක දේශ ගවේශකයො සෙට් එක ලෝකෙ වටේ කරක්ගහන්න ගත්තට පස්සෙ තමයි මේක රටින් රටට එක්ස්ප්ලෝර් වෙන්නෙ. කෝන් – පොප්කෝන් වෙන ප්‍රොසෙස් එක මුලින්ම පටන් ගන්නෙ ගෙවල්වලින්. මෙක්සිකන් ගොවියො තමගෙ ගෙවල්වල ලිප්වල දාලා කෝන් – පොප්කෝන් කර ගන්නෙ මීට අවුරුදු දහස් ගානකට ඉස්සර. ටෙක්නිකල් ඊරා එකෙන් පස්සෙ බිස්නස් වර්ඩ් එකට ‘කෝන් සීඩ්ස්’ කියන්නෙ සෙලින් ගුඩ් එකක් එකෙන්ම. 1885 දි චාල්ස් ක්‍රෙටර්ස් පොප්කෝන් මැශීන් එක හදනවා. ඒකත් එක්ක බිස්නස් වැලිව් එක දෙගුණයක් තුන්ගුණයක් වැඩි වෙනවා.

එතකොට අද වෙද්දි ජාති ජාති පොරි වාසි වාසි විදියට විකිණෙනවා. සෝල්ටි, හනී, චීස්, බටර් පොප්කෝන් විදියට මේව වරයිටි වෙලා තියෙනවා. ලංකාවෙ සින්දුවල පවා මේ ‘පොරි’ වදන්ගත වෙලා තියෙනවා. විලඅ පොරි ඉහළා කිය කිය රම්පෙට පොරි හැලෙන්න නටන අපිට ‘පොරි’ කියන්නෙ ටේස්ට් ෆූඩ් එකක් ගයිස්.  පොරි ගැන පම්පෝරි ගහන්ඩ පොරිවලට බැරිකොට අපි ටිකක් කියෙව්වම මක් වෙනවද බ්‍රෝ?

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...