*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ආගම්වාදී සංස්කෘතියක පැටළුන ලාංකීය පරිසරවාදය සහ කෘෂිකර්මය

ලංකාවේ “පරිසර වාදය” කියන අදහස  පවා පවතින්නේ ආගමික දෘෂඨිවාදයක් හා පැටළුන සංකල්පයක් විදියටයි. මේ කාරණාව විග්‍රහ කරගන්ට අපට ගත හැකි හොඳම උදාහරණය තමා කොළඹ නුවර හයිවේ එක අතර මැද තිබූ “පනු කරඳ” ශාඛය සම්බන්දව ඇතිවූ කලබැගෑනිය.

ජාතික ධනය  ප්‍රකොටි ගානක් වියඳම් කරලා සෑහෙන දුරකට අවසන් කරපු අධිවේගී මාර්ගය මැද තිබුන පනු කරඳ ගස බේරාගැනීම වෙනුවෙන් එදා ජාතික අරගලයක්  වැනි අරගල රැල්ලක් ඇති උනා. “පිටතින් එන කෘතීම සංවර්ධනය අපට එපා” “අපි අපේ ස්වභාවික වෘක්ෂ ලතා රැකගත යුතුය”, යන අතීතකාමී ජාතිකවාදය මේ අරගල රැළ්ල තුල හොල්මන් කරනු හොඳින්ම පෙනෙන්නට තිබුනා. 

එසේම මේ සටන තුල යම් දුරකට හෝ ගස දේවත්වයකට නැංවීමක්ද දක්නට ලැබුනා. හදිසියේම එහි පැමිණි බික්ෂූන් පිරිසක් ගස වටා සිවුරු එතීම හරහා මේ කාරනාව හොඳින්ම පැහැදිලි උනා.

ලෝකෙට ප්‍රකෝටි ගානක් ණය වෙලා අඩක් නිමකර ඇති අධිවේගී මාර්ගයකට වඩා එක් මොහොතක පඬු කරඳ ගහක් අධිනිශ්ච්චය වන්නේ කෙසේද? අපේ රටේ ඇතැම් පීඩිත ජනවර්ග  ඓතිහාසික ලෙස මුළිනුපුටා දැමීමට කැසකවද්දී අප්‍රාණික ගසක උරුමයක් මෙසේ ජාතික උරුමයක් බවට පත්වන්නේ කෙසේද ?

ඇත්තෙන්ම මෙහිදී වරනැගෙන්නේ අන් කවරකවත් නොව ලෝකෙ කොහෙවත් නැති ඒත් අපේ ගාව විතරක් තියෙන ලෝකෙ එකම එක අපේ එක කියන ස්වඋත්තමවාදී ජාතික වාදයයි. තවත් පැත්තකින් සිංහල බෞද්ධ බහුතරයේ පවතින වෘක්ෂ වන්දනාවද, ඒනිසාම දැවැන්ත වෘක්ෂයන් යනු යම් අධිගෘහිත ප්‍රානයක් ලෙස සැලකීමද මෙවන් ක්‍රියාකාරකම් වලට හේතුවන්නට ඇත.

කොළඹ වැනි තද නාගරික ප්‍රදේශවල (පවා) කපුටන් විසින් හලන වසුරු වලින් පැලවී තාප්ප බිත්ති පුපුරවගෙන වැඩෙන බෝ ගසක් කපා ඉවත්කිරීමට කම්කරුවන් පවා කැමති නැත. පොදුවේ අපේ රටේ මිනිසුන් තුල දැවැන්ත පැරණි වෙනත් ගස් සම්බන්දයෙන් පවතින්නේද බෝ ගසින් පරාවර්තනය වූ යම් බියමුසු  බක්තිමත් අදහසකි. පනු කරඳ ගස සම්බන්දයෙන් ඒ මොහොතේ කරළියට පැමිනුනේද පරිසරයට අසම බර ලෙස ගස් කැපීමෙන් සිදුවන පරිසර හානිය ගැන නොවේ, එහිදී උත්කර්ෂයට නැංවුනේ ඇතැම් උත්තම ගස් යනු මොනම හේතුවකට වත් කැපිය යුතු නැති, ඒවා ඇදහිලි බවට පත්වූ මහජන අවිඥ්ඥානයයි. මෙහිදී ඇතිවිය හැකි නරකම තත්වය නම් ගසක් රැකගැනීම වෙනුවෙන් මුළුමහත් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක්ම කනපිට හැරවීමට මහා ජනසමාජයම රැළ්ලක් සේ පෙල ගැසීමයි.

වෘක්ෂ ලතා සම්බන්දයෙන් පමණක් නොව එදිනෙදා කෘෂි ආර්ථිකයට හානි පමුණුවන පාරිසරික සත්ව කොඨ්ටාශ සම්බන්දව පවා ලාංකීය පරිසර වේදීන්ගේ සහ පොදු ජන විඥ්ඥානය තුල පවතින්නේද මේ හා සමානවම අදහස් පද්දතියකි. විශේෂයෙන්ම ලංකාවේ සිටින අලි ගහනයට අවශ්‍ය ආහාර ප්‍රමාණයෙන් ලංකාව තුල ඇති වනාන්තර වලින් උන්ට ලබාගත හැක්කේ හරි අඩක් පමණි. මෙහිදී වන අලීන්ට අවශ්‍ය ඉතිරි ආහාර අඩ උන්ට සොයාගැනීමට සිදුවන්නේ ගොවිබිම් වලිනි.

මෙවන් තත්වයක් තුලදී අලි වැටවල් වලින් සියල්ල පාලනය කල නොහැක. එහිදී ඇති එකම විසඳුම අතිරික්ත අලි ගහනය වඳකර දැමීමේ ක්‍රියාමාර්ගයකට යෑමය. නමුත් අපගේ ආගමික මහා සමාජයට අනුව එවැන්නක් ගැන සිතීම පවා මහා පාපතර ක්‍රියාවකි. යථාර්තවාදීව බලන කල සත්ව අවිහිංසාව මානවවාදයකි, නමුත් සත්ව අවිහිංසාව නිසා තමතමන්ගේ වගාබිම්, ගේදොර විනශකර ගැනීම පිස්සු විකාරයකි.

මෙහිදීද අලියා යන සත්වයා සම්බන්දව ලාංකීය සමාජය තුල අනාදිමත් කාලයක සිට පැවත එන යම් ගෞරවය මුසු හැඟීමක් උක්ත විකාර අවිංසාවාදයට හේතුවී ඇතිබව පෙනෙන්නට තිබේ.

එයද යම් ආගමික හැඟීමක් මතින් බලපැවැත්වෙන අවිහිංසාවාදයකැයි මට සිතේ. අලියා යන සත්වයා ලංකාව තුලදී හැඳින්වෙන්නේ හස්ති රාජයා යන ගරුකටයුතු නාමයෙනි. අපේ පැරණ්නන් අලියා යන සත්වයාව චද්දන්ත කුළේ, මංගල කුළේ , උපෝසථ කුළේ වැනි ගෞරවනීය කුළවලට අනුයුක්ත කර තිබීමෙන් මෙය වඩාත් පැහැදිලි වෙයි.

එසේම අලියා විසින් මිනිසෙකු ඝාතනය කල විට එය මියගිය තැනැත්තාගේ අයහපත් හැසිරීමට ලැබුන දඬුවමක් ලෙස දකින බහුතර ගැමියන් මිනිසෙකු විසින් අලියෙකු මරාදැමූ විට එය අහස පොලොව නුහුලන අපරාධයක් ලෙස දකී. අනෙක් අතට අපේ රටේ ඇති නීති රීතිවලට අනුව ද අලියෙකු මිනිසෙකු මරාදැමූ විට එය එතරම් ගණන් නොගැනෙන අතර මිනිසෙකු විසින් අලියෙකු මරා දැමූවිට නීතිය වහා සක්‍රීයවේ. එහිදී, නීතිය සකස්වී ඇත්තේද ඕනෑම තැනක සිදුවන පරිදි පොදු මතයට සමගාමීවය.

සත්‍ය ලෙසම අලියා සම්බන්දව ලාංකීය මිනිසා තුල ඇති විශේෂ ගෞරව පක්ෂපාතීබාවට හේතුව වී ඇත්තේ කරඬුව පිට උඩ රැගෙන යාමට තරම් සුදුසුකම් ඇති පූජනීය සත්වයාය යන ආගමික ඇදහිල්ලය මතය. විශේෂයෙන්ම කරඬුව ගෙනයන නැදුන්ගමුවේ රාජා වැනි ඇතුන් කරඬුව නැතිව මහපාරේ ගමන් කරනවිට පවා මිනිසුන් මේ සත්වයාට වන්දනා කිරීම තුල අපට මේ තත්වය වඩාත් පැහැදිලි වෙයි.

මෙහිදී අලි ඇතුන් සම්බන්දව පමණක් නොව වගාවට හානි පමුණුවන වෙනත් අපා දෙපා සතුන් සම්බන්දව ලාංකීය කෘෂි සමාජයේ ප්‍රතිචාරයද යම් ආගමික අවිහිංසාවාදයක් සමඟ පැටලී ඇති බවක් පෙනෙන්නට තිබේ. මෑතදී සැකසුන සංඛ්‍යාලේඛන වාර්ථාවකට අනුව ලංකාවේ කෘෂි බෝග පලදාවෙන් සීයයට හතලිහක් පමණ කාදමන්නේ වන සතුන් විසිනි. මේ අතර රිලවුන්, වඳුරන්, ඌරන්, වැලි මුවන්, මොනරුන් වැනි සතුන් ප්‍රමුඛස්ථානයක් ගනී. 

මෙවන් තත්වයක් තුලදී මේ සතුන් යම් දුරකට හෝ වඳකර දැමීමෙන් තොරව පළදාව රැකගත හැකි වෙනත් ක්‍රම වේදයක් නොමැත. නමුත් අපේ කෘෂි සමාජය මීට දක්වන ප්‍රතිචාරය නම් ප්‍රානඝාතයෙන් වැලකී ගොවිබිම් අතහරිමින් සිටීමය. අනාගතයේ උත්ගත වීමට නියමිත ආහාර අර්බූදයට මේ ප්‍රායෝගික නොවන ඊනියා අවිහිංසා වාදයද හේතුවී ඇතිබව පෙනෙන්නට තිබේ.

ලෝකයේ දියුණු රටවල්වල වගාවන්ට හානි පමුණුවන සත්ව ගනනය ප්‍රමාණය ඉක්මවා වර්ධනය වනවිට උන්ව මරාදමා වර්ධනය පාලනය කෙරේ. මන්ද, සියල්ලට වඩා මිනිස් පැවැත්ම වැදගත් බව ඔවුන් දන්නා බැවින්. එහිදී ඔවුන් මේ සතුන් ආහාරයට ගැනීම තුලින් ඔවුන්ගේ සමාජය තුල පවතින පෝෂණ ඌනතාවයට පිළියම්ද සදාගනී. නමුත් අප රට තුල තත්වය වෙනස්ය. ඇත්තෙන්ම අපේ රටේ ඇත්තේ කෘෂි කර්මයක් නොව ආගමික සංස්කෘතික කරනයකට ගොදුරුවූ කෘෂි සංස්කෘතියකි. පරිසර වාදයේ ඉරණම ද එයමය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan