නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ හමුව අද

Date:

වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති 40 ක් සහිත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (13) රැස්වෙන අතර, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි ප්‍රධාන අරමුණයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලි ඉංජිනේරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය එහි ප්‍රධාන තැනක් ගන්නා සංගම් වේ.

සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී වෘත්තීයවේදීන්ගේ මෙම රැස්වීම පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...