පිටසක්වලයෝ ඇවිත් ද? නැත්නම් චීන බැලූන් කට්ටක් ද?

ඉකුත් ඉරිදා(12) වයඹදිග යුකොන් ප්‍රදේශයට ඉහළින් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් විසින් වෙඩි තබා ඇති අද්භූත පියාසර වස්තුවක සුන්බුන් සොයමින් සිටින බවට වාර්තා මතුව පවතී.

මෙම අද්භූත පියාසර වස්තුව සොයා ගැනීමට සහ ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමට බලා සිටින බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවේය. එය කුමක්ද? යන්න පිළිබඳව ඔහු කිසිදු ඉඟියක් නොදුන් නමුත්, එය “සිවිල් ගුවන් ගමන් ආරක්ෂාවට සාධාරණ තර්ජනයක්” බව ඔහු එහි දී පැවසීය.

මෙම මස මුලදී සුදු පැහැති චීන ගුවන් යානයක් ඉහළ අහසෙහි දිස්වීමත් සමඟ උතුරු ඇමරිකාව ගුවන් ආක්‍රමණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ද පැවසේ.

මේ සම්බන්ධයෙන් මීටර් 60 ක් උස (අඩි 200) බීජිං බැලූනයක් එක්සත් ජනපදය පිළිබඳ ඔත්තු බැලීමට භාවිතා කළ බවට ද ඇමරිකානුවෝ චෝදනා කරති.

ඇතැමුන් මෙය චීන යානාවක් බව පැවසුවත් සමහරක් පවසන්නේ එය චීන යානාවන්ට සාපේක්ෂව කුඩා බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් පැය 24ක් තුළ දෙවතාවක් එක්සත් ජනපද නිලධාරීන් තම ගුවන් අවකාශය වසා දමා ඇත. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය අංශය විසින් මිචිගන් විලට ඉහලින් පිහිටි අවකාශය ද කෙටි කාලයකට වසා දැමීය.

එම යානයේ සුන්බුන් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සොයා ගැනීම සඳහා දකුණු කැරොලිනාවේ සාගර පත්ළේ එක්සත් ජනපද විමර්ශකයෝ සැරිසරන බව ද වාර්තා වේ.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...