*
Friday, March 29, 2024
spot_img

Latest Posts

IMF එකට නැමෙන්නේ නෑ කියලා ජවිපෙ කිව්වා නම් ගණන් ගන්න දෙයක් නෑ, ඔවුන්ට කිසිවිටක බලය ලැබෙන්නේ නෑ නේ. විපක්ෂ නායකවරයා කිව්ව එකයි ප්‍රශ්නේ: බන්දුල

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (12) බොරලැස්ගමුවේදී ජන හමුවකදී පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ පිළිගත හැකි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කළ යුතු බවයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ, ජන රැලියකදී විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පරිභව කරමින් සිදුකළේ යැයි කියන ප්‍රකාශයක හඬපටය ද අසන්නට සලස්වමිනි.

එම හඬපටයේ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය පහත පරිද්දෙන් විය:

අපි එකක් කියනවා IMF එකට මේ ආණ්ඩු ව ගහන කිසිම ගිවිසුමක් ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගයේ ආණ්ඩුව බැඳිල නෑ. IMF එකත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ දෙකට තුනට හතරට නැමිලා නෙවෙයි. කොන්ද කෙළින් තියාගෙන කේසර සිංහයා වගේ. IMF එකත් එක්ත ගනුදෙනු කළොත් ඔබට වාසි වෙන ආකාරයේ සහන ලබා ගන්නට පුළුවන්. නමුත් අද වන විට පොහොට්ටුවයි, අලියයි දෙගොල්ලම දීග කාගෙන IMF එක ළඟට ගිහින් වැඳ වැටිලා කියනවා IMF ස්වාමීනි, ඔබ කියන කරන හැමදේම අපි කොරඤ්ඤං කියලා. අපි එකක් කියනවා IMF එකට. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් ඉන්න මේ ආණ්ඩුව ගහන කිසිම ගිවිසුමක් කිසිම පොරොන්දුවක් ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේග ආණ්ඩුව බැඳිල නෑ කියන එක මං මේ අවස්ථාවේ කියනවා.

මේ රට දැවැන්ත අර්බුදයකට මුහුණදීල ඉන්න මේ අවස්ථාවේ කිසියම් අයුරකින් IMF ගිවිසුම කඩාකප්පල් වුණොත් කුමන ආණ්ඩුවක් තිබුණත් කවර නායකයෙක් යටතේවත් ලංකාව මාසයකට වඩා පවත්වාගෙන යා නොහැකි බවද ආචාර්ය ගුණවර්ධන මහතා ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් එහිදී පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් අමතමින් මෙසේද ප්‍රකාශ කළේය.

“කවුරු කැමති වුණත් නැතත් අපි ලෝකයේ වෙනත් රටවලින් ඛනිජ තෙල්, ගෑස්, පොහොර, රසායනික ද්‍රව්‍ය, ආහාර පාන, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර යනාදිය විදේශයන්ගෙන් ආනයනය කළ යුතුමයි. දේශපාලනඥයන් නොදන්නවා වුණාට ලංකාවේ ඉන්න සියලුම ආනයනකරුවන් දන්නවා බඩු පිටරටින් ගෙන්වන්න ණයවර ලිපියක් අවශ්‍ය බව. මේ ණයවර ලිපි ලෝකයේ අනෙක් රටවල් පිළිගන්නෙ නැතිනම් ජාත්‍යන්තරව අපේ රට විශ්වාස කරන්නේ නැත්නම් ඔවුන් කිසිම භාණ්ඩයක් මෙරටට නැව්ගත කරන්නේ නෑ.”

“මේ විදිහට නොදැනුවත්කමට ලෝකෙට ගණන්කාර කතා කියල ජාත්‍යන්තර ගනුදෙනු පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වුණොත් ලංකාව ආණ්ඩු කරන්නෙ කෙසේද කියන එක ලංකාවේ සිටින සියලුම දේශපාලන නායකයන් ලෝකයට පිළිගත හැකි ආකාරයට ප්‍රකාශයක් පත් කළ යුතු වෙනවා.”

“විශේෂයෙන් රටේ විපක්ෂ නායකයා වශයෙන් මේ කරළ තියෙන ප්‍රකාශය එලෙසින්ම පාර්ලිමේන්තුව තුළදීත් ප්‍රකාශ කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීමක්. මක් නිසාද යත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයෙක් වශයෙන් අන්තර්ජාතික ගෙවීම් පියවීම හා විදේශ විනිමය ගනුදෙනු පවත්වාගෙන යන්නේ IMF නියමයන්ට හා අධීක්ෂණයන්ට යටත්වයි.”

“එසේ නොවී කටයුතු කළ හැකි යැයි ගමින් ගමට ගොස් ජනතාව මුලා නොකර එතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ ගරු සභාව දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටිනවා යැයිද අමාත්‍යවරයා මෙහ‍ිදී තවදුරටත් කියා සිටියේය.”

“යම් විදිහකින් මෙම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ සිදු කළා නම් එය එතරම් ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ට කිසිවිටෙක මේ රටේ පාලන බලය හිමිකර ගත හැකි වාතාවරණයක් නොමැති නිසා බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan