හමුදා භටපිරිස්හි සහය පැතූ සුව සේවය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): මේ වනවිට සිදුවන වැඩ වර්ජනය හේතුවෙන් යළි අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලෙස ආරක්‍ෂකසේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකල ඉල්ලීමට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

මේ අනුව, බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්‍ෂි රෝහල කොළඹ, මාතලේ, පොලොන්නරුව, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 48 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාවේ 900 ක පමණ භට පිරිසක් යොදවා ඇත.

මේ වන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ භට පිරිස් යොදවනු ලබන අතර, හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භටපිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍යය සියලුම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...