*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හර්ෂිතාගේ පිමි දෙකක් කාන්තා ක්‍රිකට් පිමි ගණනක්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 13 කොළඹ (LNW): ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ගෙවුණු තරගවලදී වඩාත් විශ්වාසවන්තම පිතිකාරිණිය බවට දස්කම් විඳහා දැක් වූ හර්ෂිතා සමරවික්‍රම කාන්තා පන්දු ඕවර් 50 සුපිරි ජාතික ලීග් තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායමට නායකත්වය දෙමින් එම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් වුණා.එසේම පිතිකාරීණියක් හැටිටයෙි විසින් ගොඩ නඟා ගෙන තිබුණ විශ්වාසය තව දුරටත් තහවුරු කර ගනිමින් තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය වන්නටත් හර්ෂිතා සමත් වුණා.ඒ අනුව තමන් පිතිකාරිණියක ලෙස සළකුණු කර තිබුණ විශ්වාසය තහවුරු කරන අතරේම නායිකාවක ලෙස ද ඇය සතු කුසලතා මේ තරගාවලියේදි එළි දක්වන්නට හර්ෂිතා සමත් වෙනවා.


තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට තුන් ඉරියව් දක්ෂතාවලින් දායක වුණ කවිශා දිල්හාරි මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින හොඳම තුන් ඉරියව් බලාපොරොත්තුවයි.මෙහිදි අවධානය යොමු කළ යුතු සහ වඩාත්ම සතුටු විය යුතු කරුණු වන්නේ මේ වන විට ජාත්‍යන්තර තලයේ වැඩි අත්දැකීම් නැති සචිනි නිසංසලා වැනි ක්‍රීඩිකාවක් තරගාවලියේ දක්ෂතාම පන්දු යවන්නිය ලෙස ඉහළට මතු විමයි.එසේම අවසාන තරගයට කැද වූ මනුදි නානායක්කාර මෑත කාලයේ අවසන් වු බංගලාදේශ තුන්කොන් තරගාවලියේ සූරතාවය දිනූ අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩිකාවයි.ඇය අවසාන තරගයේ වීරවරිය වෙමින් ලකුණු 18 ට කඩුලු 5 ක් දවා ගනිමින් කොළඹ කණ්ඩායම ලකුණු 66 ට සීමා කරන්නට මුල් වී දඹුල්ල කණ්ඩායමට සූරතාවය දිනා දෙන්නට මුල් වුණා.


එසේම මේ තරගාවලියේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් වශයෙන් දක්ෂතා දැක් වූ පිරිස අතර අලුත් මුහුණු කෙතරම් ප්‍රමාණයක් සිටිනවා ද යන්න මේ සමග වන සටහන් නිරීක්ෂණයේදී ඔබට දැක ගන්නට ලැබෙනවා.එසේම ගෙවුණු අවුරුදු 19 න් පහළ තරගාවලියේ දී කැපී පෙණුන ක්‍රිඩිකාවන් ද විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබෙනවා.ඒ අතරින් දක්ෂතා දක්වන ප්‍රමාණයට ඉඩ විවර වීමේ අවස්ථා අඩු ක්‍රීඩිකාවක් බව පෙනෙන්නට තිබෙන දෙව්මි විහංගා යනු චමරි අතපත්තු සෙවණේ හැඳෙන්නට ඉඩ සැළස්විය යුතු ක්‍රීඩිකාවක්.වේගයෙන් දුරට පහර එල්ල කිරිමේ හැකියාව මෙන්ම ප්‍රතිවාදි කණ්ඩායම්වලට සිය දඟ පන්දුවෙන් තර්ජනය කරන්නියක වන දෙව්මිත් අනාගතයට ඉතාම වටිනා ක්‍රීඩිකාවක්.


තරගාවලිය නිරික්ෂණයේදී මෙම තරගාවලිය මෙන්ම ගෙවුණු අවුරුදු 19 න් පහළ තුන්කොන් තරගාවලියද සැළකිල්ලට ගැනීමේදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩක සංයුතිය වෙනස් කිරීමට බලපෑම් කළ හැකි දක්ෂයන් මතුවෙමින් තිබෙන බව දැක ගන්නට ලැබීම සතුටට කාරණයක්.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්ත්වයට කාන්තා ක්‍රිකට් ව්‍යාප්ත තිඑීම සඳහා ගන්නා ලද පියවර මෙන්ම ඒ සඳහා විවිධ දුෂ්කරතා දරාගෙන රටේ නන් දෙසින් ඉදිරිපත් වූ ස්වේච්ඡා මිනිසුන් ද වඩා විධිමත් හැඩයකට ස්ථාවර කිරීම ගැනත් කල්පනා කිරීම වටිනවා.
ඇත්තටම ලෙදර් බෝල් ක්‍රිකට් හැටියට අවිධිමත්ව හෝ ව්‍යාප්ත වී තිබෙන්නේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවයි.බොහෝ දුෂ්කර ප්‍රදේශවල පාසල් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පෙරට පැමිණ තිබෙනවා.එසේම මේ තත්ත්වය දියුණු කිරිමට මිශ්‍ර පාසල්වල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාපිත කිරීම වැදගත් විය හැකියි.මේ වන විට තිබෙන තත්ත්වය තව දුරටත් සැළසුම් සහගකව ව්‍යාප්ත කළ හැකිනම් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ලෝකය ඇතුළෙ ඉඩක් සකසා ගැනීම පහසු කාරණයක් වනු ඇති බව විශ්වාසයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි අවස්ථාවන් ගණනාවක් ජාතික කණ්ඩායමට ලබා දීමට දක්වන උනන්දුව නිසා අත්දැකීම් ද සහිතව සිටීම මෑතකාලීනය ලබා ඇති ප්‍රගමනයට හේතුවක් වන අතර හැකිනම් සංවර්ධන සංචිතය සහ ජාතික සංචිතය අතරේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පවත්වාගෙන යාම සහ ඔවුන්ට තරග අවස්ථා ජාත්‍යන්තරයෙන් සකසා දී ජාතික කණ්ඩායමට අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් සොයා ගැනීමට ක්‍රියා කිරීම තුළින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ලෝකයට බලපෑම් කළ හැකි මට්ටමට පත් කළ හැකියි.


තරගාවලියේ සූරතාවය දඹුල්ල දිනා ගැනීම අනු සූරතාවය කොළඹ දිනා ගැනීම වැනි කාරණාවලින් මේ තරගාවලියේ සූරතාවය තීරණය නොවන අතර තරගාවලියේ දී කැපී පෙණුන අලුත් පරම්පරාව රැක ගැනීමට යොදන අවධානය මත අනාගතය වඩා යහපත් තැනක ස්ථාපිත කර ගනිමින් විශිෂ්ඨ ජාතික කණ්ඩායමක් තනා ගැනීමට ඉඩ සැළසෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan