සමෘද්ධි දීමනාව අද සිට සියයට 28 කින් ඉහළට

0
240

සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන දීමනාව 28% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලැබූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 4500 ක් ද, මෙතෙක් රුපියල් 2500 ක් ලැබූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 3200 ක් ද, මෙතෙක් රුපියල් 1500 ක් ලැබූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 1900 ක් ද වශයෙන් ලැබෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙසේ වැඩි කරන ලද සමෘද්ධි දීමනාව අද (14) සිට ගෙවීම් ආරම්භ කිරීමට නියමිත ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here