ඩොලර් බිලියනයක ගිවිසුම් අත්සන් තැබීම සඳහා බැසිල් නුදුරේදීම යළි ඉන්දියාවට

ඉන්දියාවෙන් ලැබීමට නියමිත මූල්‍ය පහසුකම් සම්බන්ධ අවසන් ගිවිසුම් අත්සන් තැබීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක තුළ යළිත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

“ගරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පැවැත්වුවා. ඒ සාකච්ඡා අතිශයින් ඵලදායී ප්‍රතිඵල ලබාදුන්නා ලංකාවට. ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක් විතර වටිනා මූල්‍ය සහයෝගයක් ඉන්දියාවෙන් ලබාගැනීමට අඩිතාලමක් බැසිල් රාජපක්ෂ මැතිතුමා සකස් කළා.

දැන් ඒකෙන් ඉස්සෙල්ලාම අපට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයක්. ආහාර ඖෂධ වගේ ඒවා ලබාගැනීමට. ඒ පිළිබඳ අවසාන ගිවිසුම් අත්සන් තැබීමට බැසිල් රාජපක්ෂ මැතිතුමා ආයෙත් නවදිල්ලියට මං හිතන්නෙ එන සති දෙක ඇතුළත යෑමට බලාපොරොත්තු වෙනවා.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ අපේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකභාවය නිසා මේ ප්‍රශ්නවලට මුහුණ දීමේදී අපි හුදෙකලා වෙන්නෙ නෑ කියන එකයි”

අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...