*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඩොලර් බිලියනයක ගිවිසුම් අත්සන් තැබීම සඳහා බැසිල් නුදුරේදීම යළි ඉන්දියාවට

ඉන්දියාවෙන් ලැබීමට නියමිත මූල්‍ය පහසුකම් සම්බන්ධ අවසන් ගිවිසුම් අත්සන් තැබීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක තුළ යළිත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

“ගරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පැවැත්වුවා. ඒ සාකච්ඡා අතිශයින් ඵලදායී ප්‍රතිඵල ලබාදුන්නා ලංකාවට. ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක් විතර වටිනා මූල්‍ය සහයෝගයක් ඉන්දියාවෙන් ලබාගැනීමට අඩිතාලමක් බැසිල් රාජපක්ෂ මැතිතුමා සකස් කළා.

දැන් ඒකෙන් ඉස්සෙල්ලාම අපට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයක්. ආහාර ඖෂධ වගේ ඒවා ලබාගැනීමට. ඒ පිළිබඳ අවසාන ගිවිසුම් අත්සන් තැබීමට බැසිල් රාජපක්ෂ මැතිතුමා ආයෙත් නවදිල්ලියට මං හිතන්නෙ එන සති දෙක ඇතුළත යෑමට බලාපොරොත්තු වෙනවා.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ අපේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකභාවය නිසා මේ ප්‍රශ්නවලට මුහුණ දීමේදී අපි හුදෙකලා වෙන්නෙ නෑ කියන එකයි”

අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan