*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

අතීතය කියවලා වැඩක් නෑ. අපේ නායකයා තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න ඕනෙ – ෆොන්සේකා (VIDEO)

අතීත නායකයින් කළ කී දෑ පවසමින් සිටීමෙන් තේරුමක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට පිළිගත හැකි අයුරින් ඔහුගේ ප්‍රතිරූපය ගොඩනඟා ගතයුතු බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

“මේ රට කඩන් වැටිච්ච එක තමයි වුණේ සුද්දා ගියපු දවසේ ඉඳලා. අවසානයේ මේක කඩන් වැටීගෙන කඩන් වැටීගෙන යනකොට කාටවත් මේක කෙළින්ම ඇඟට දැනුනෙ නෑ. හැබැයි දේශපාලනඥයො ඉතාම කඩිසරව, ඉතාම සීඝ්රයෙන් සල්ලි හම්බ කරගත්තා, දේපළ ගත්තා, පවුල් සංස්ථා හදාගත්තා, ළමයි හදාගත්තා, ළමයින්ට උගන්නා ගත්තා. ඔයගොල්ලන්ට මේක එකපාරට තේරුණෙ නෑ. මොකද ඔයගොල්ලන්ට අවශ්‍ය මූලික දේවල් ටික අමාරුවෙන් හරි ලැබුණා. දැන් තේරෙණවා.

අද වෙනකොට මේක කඩාගෙන වැටිලා, වැටිලා කිරිගොට්ටෙ පතුළට ඇවිල්ලා තියෙන්නෙ දැන්. ඒක හින්දා තමයි අද ඕගොල්ලන්ට මේක බඩට, ඇඟට, කුස්සියට, සාක්කුවට හැම එකටම දැනෙන්න පටන් අරන් තියෙන්නෙ. ඒක හින්දා තමයි අද මෙහෙම මුහුණු දිහා බැලුවාම ඕගොල්ලො සතුටින් ඉන්න මුහුණු කියලා අපට කියන්න බෑ. ඔක්කොම කණස්සල්ලෙන් ඉන්නෙ. එදාවේල ටුවර්ස් ; හැමෝම දන්නෑ හෙට මොකද වෙන්නෙ කියලා. හෙට වෙනකොට ළමයාගෙ කිරි එක ඉවරවෙලා තියෙයිද, හෙට බයිසිකලේට තෙල් ගහන්නෙ කොහොමද, හෙට වෙනකොට හාල් කීයක් වෙයිද, ඒවා තමයි කල්පනා කරන්නෙ. අනිවාර්යයෙන් මේ ඉන්න හැමෝටම ඒ ප්‍රශ්න ඔළුවෙ තියෙනවා. ඒ කියන්නෙ මේ රට ප්‍රශ්නවලින් පිරිච්ච ජනතාව ජීවත්වෙන රටක් බවට අද පත්වෙලා තියෙනවා.

මේක තමයි යතාර්ථය. මේ රට ගොඩගන්න ඕනෙ නම් මේ යතාර්ථය අපි තේරුම් ගන්න ඕනෙ ඉස්සෙල්ලා. ඒක තේරුම් අරන් තමයි එතන ඉඳලා රට හදාගන්න වෙන්නෙ. එහෙම නම් අපි අතීතය ගැන කතා කරකර ඉඳලා වැඩක් නෑ කියන මතයේ මම ඉන්නවා. ඔයාගේ සීයා ගම්මුලාදෑනියෙක් වෙලා හිටියා කියලා ඔයාට මොකුත් පිළිගැනීමක් එන්නෙ නෑනෙ. ඔයා මහන්සිවෙලා පිළිගැනීමක් හදාගන්න ඕනෙ. එතකොට අපේ පක්ෂය දැන් ඒ ප්‍රතිරූපය, පිළිගැනීම හදාගන්න ඕනෙ. අතීතයේ හිටපු අය මේක කරාය කියලා ඒගොල්ලො මාකට් කරන්න ගියාට අපට ලකුණු වැටෙන්නෙ නෑ. එහෙම නම් මේ පක්ෂයෙ අපට ඉන්නවා අලුත් නායකයෙක්. එහෙම නම් ඒ නායකයා එතුමාගෙ ප්‍රතිරූපය හදාගන්න ඕනෙ ජනතාවට පිළිගන්න පුළුවන් විදියට. අපි ඉන්නවා නම් අනාගත මන්ත්‍රීවරු, ඇමතිවරු, අපේ ප්‍රතිරූපය හැදෙන්න ඕනෙ ජනතාවට පිළිගන්න පුළුවන් වෙන්න ඕනෙ මේගොල්ලො රට හදයි කියලා. වෙන මොකුත් නෙවෙයි. ඒක අපි කරගන්න ඕනෙ. නැතුව අපට ජේ. ආර්. ගැන හරි කලින් හිටපු නායකයෙක් ගැන හරි කිව්වාට මේ වැඩේ වෙන්නෙ නෑනෙ. මේ වැඩේ වෙන්න නම් එවැනි ප්‍රතිරූප තියෙන මිනිස්සු එකතුවෙලා එවැනි ප්‍රතිපත්ති තියෙන පක්ෂයක් ගොඩනගලා එතනින් තමයි අපි උත්සාහ කරන්න ඕනෙ කැපවීමෙන් ගිහිල්ලා රට ගොඩගන්න”

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති සමගි ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan