ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් දවස අරඹයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 14 කොළඹ (LNW): ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ලීනින්ග් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වට නිමාවීමෙන් පසුව තරගකාරී තරග ආරම්භ කරමින් ප්‍රථිම ජයග්‍රහණය වාර්තා කරන්නට විරේන් නෙත්තසිංහ සමත් වුණා.ඔහු ඉදිරියේ මැලේසියාව නියෝජනය කරන ඔන් තායි එර්න් විනාඩි 35 ක කාලයක් තුළ දී ලකුණු 21 -11 සහ 21 -16 ක් ලෙස පරාජයට පත් වුණා.


මේ තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින් අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ ඊයේ සිදුවන නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව තවත් පියවරක් ඉදිරියට පැමිණ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී 67 වන තැනට පත්ව සිටිනවා.විරේන් දෙවන තරගයේදී තායිලන්තයේ ටීරාපැට් කෙලවන් සහ ඉන්දියාවේ සනීත් දයානන්ද් අතර තරගයේ ජයග්‍රාහකයා මුණ ගැසෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...