*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

2024 තරම් ලෝක දේශපාලනයට බලපාන තවත් වසරක් නෑ – ඩලස් අලහප්පෙරුම

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): 2024 තරම් ලෝක දේශපාලනයට බලපාන තවත් වසරක් නොමැති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් 60 කට වඩා මහ මැතිවරණය මේ වසරේ පැවැත්වෙන බවත් , නිදහස ජනතා සභාව මාධ්‍ය සාකච්චාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දකවන ඩලස් අලහප්පෙරුම මහතා,

මැතිවරණ ගැන කතාවක් කරලියට ඇවිත් තිබෙනවා.නමුත් පලාත් පාලන මැතිවරණය ගැන කවුරුත් කතා කරන්නේ නෑ.කෝටි ගානක ඇප මුදල් තැම්පත් වී තිබෙනවා.නමුත් පලාත් පාලන මැතිවරණය ගැන කතා කරන්නේ නෑ.

මැතිවරණයට වෙන් කල මුදල් සම්බන්ධයෙන් දැන් විවිධ ප්‍රකාශ ජනාධිපති විසින් නිකුත් කරනවා.මේ මූල්‍ය බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.මැතිවරණ වෙනුවෙන් මුදල් වෙන් විය යුතුයි.එසේ තිබියදී තමයි පලාත් පාලන මැතිවරණය කල් දැම්මේ.

මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනාධිපති විශාල විදෙස් සංචාර ප්‍රමාණයක නිරත වෙලා තිබෙනවා.මේ සදහා විශාල මුදලක් වැය වෙලා තිබෙනවා.නමුත් මේ අය කියන්නේ මැතිවරණය තියන්න සල්ලි නෑ කියලයි

2024 තරම් ලෝක දේශපාලනයට බලපාන තවත් වසරක් නෑ.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් 60 කට වඩා මහ මැතිවරණය මේ වසරේ පැවැත්වෙනවා.

අපේ රටේ මැතිවරණ කොමිසම නිහඩයි.චන්ද ගැන ආන්ඩුව ප්‍රකාශ කරනවා.මැතිවරණ කොමිසම නිහඩයි.
මැතිවරණ තියන්න කියලා ආණ්ඩුව ඉදිරියේ වැද වැටෙන්න අවශ්‍ය නැහ.අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත් භාගය හරවන්න මේ ආන්ඩුවට ඉඩ දිය යුතු නැහැ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලක්ෂ 43 ක් පාසල් දරුවන් ඉන්නවා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරලා තිබෙනවා.සමස්ථ ශිෂ්‍ය පරපුරෙන් 55% ක් ආර්ථික ගැටලුවට මුහුණදී තිබෙනවා. එම 55% න් 53% ක් පාසල් බෑග් එකක් ගන්න විදියක් නෑ කියනවා.
සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් (129000) පාසල් ගමන නතර කර තිබෙනවා
තවත් පිරිසක් පාසල් එන්නේ අඛණ්ඩව නොවෙයි
පාසල් දරුවන් පාසල් යාම අඩු වෙලා.
ආර්ථික අවපාදය බලපාලා තිබෙනවා.
මේක රටේ අනාගතයට බරපතල අනතුරුදායක තත්වයක්.මේ ප්‍රශ්නයට විසදුමක් ලබා දිය යුතුයි.එසේ නොවන්න බුද්ධිමත් ශ්‍රී ලාංකීය සමාජයක් අහිමි වේවි.එදාට දරුවෝ සමස්ථ රටටම ශාප කරාවි.ජනාධිපතිතුමා මේ කාරණා ගැන සංවේදී විය යුතුයි.

අනික් කාරණය ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව.
අපේ සමස්ථ ජනගහනයෙන් ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙලා තිබෙනවා.ඒ කියන්නේ ජනගහනයෙන් 1/8 ක් මේ උගුලේ හිර වෙලා.මේ නිසා මෑත කාලීනව 200 කට වඩා සියදිවි නසාගෙන තිබෙනවා.ඒවගේම මේ ලක්ෂ 28 න් ලක්ෂ 24 ක් කාන්තාවෝ.
මේක ඉතාම ශෝචනීය තත්ත්වයක් .
ආණ්ඩුව කඩිනමින් මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි ”

ලෙස නිදහස ජනතා සභාව මාධ්‍ය සාකච්චාව සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan