සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 15,(LNW)කොළඹ :
ශ්‍රී ලංකා රගර් ක්‍රිඩා ව්‍යස්ථාව වෙනස් කිරීම සඳහා පවතින ව්‍යවස්ථාව අනුව බලය සහිත පිරිස නොසළකා හැර කටයුතු කිරිමේ උත්සාහයේ එක් පියවරක් හැටියට මේ වන විටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙමාල් ප්‍රනාන්දුට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට සිඳුව තිබෙනවා.කුමන හෝ ක්‍රීඩාවක ජාත්‍යන්තර හෝ කලාප සංගමයකට පවතින රටේ නීතිය සුරක්ෂිත කිරීමට බැදී සිටින අධිකරණ පද්ධතිය නොසළකා කටයුතු කරන්නට නොහැකියි.
නමුත් අවාසනාවකට රටේ රාජ්‍ය නිලධාරියෙක් ලෙස අධිකරණයට එකඟ නොවෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණය මඟින් දුන් නියෝග නොසළකා හැර ආසියානු රගර් සභාපතිගේ ලිපියක් පාදක කරගෙන එම නිලවරණය කල් දැමීමට කටයුතු කළා.ඒ නිසා පෙබරවාරි 14 වන දා ලෝක රග්බි සංවිධානය ද ශ්‍රී ලංකාවේ අධිකරණයේ පවතින නීතිමය කටයුතු ගැන නොසළකමින් ශ්‍රී ලංකාවේ රග්බි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග දන්වා තිබෙනවා.එහිදී ජාත්‍යන්තර රග්බි සංගමය වෙනුවෙන් මේ ලිපිය ඉදිරිපත් කරන ඩේවිඩ් කැරිගි ශ්‍රී ලංකාාවේ පවුම් 50000 ගෙවීමේ සිඳුවීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරි එය ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර මුදල්වලින් අය කර ගැනීමට එකඟතාවය පළ කළ නිලධාරියා වන අතර ඔහු එම මොහොතේ ද,එම සිඳුවීමට අදාළ නිලධාරි සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තර සම්මේලනයට යෝජනා නොකර සමස්ත රටටම බලපාන පරිදි සංවර්ධන ආධාර මුදල කපා හැරීමට එකඟ වී ඇත.
මේහිදී ආසියානු සභාපති මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ද ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිට ද ලැබෙන සේ යොමු කර ඇති ලිපියේ කිසිඳු තැනක රටේ අධිකරණය විසින් දී ඇති නියෝග ගැන හෝ එහි සිඳුවෙමින් පවතින නඩු විමර්ශනය ගැන සඳහන කර නැත.ඊට බොහෝ විට රටේ අධිකරණයේ හැසරීම සහ නියෝග අනුව කටයුතු කිරීම දෙවැනි කොට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලට ප්‍රමුඛතාවය දෙන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් නොකර වගකීම පැහැර හැර තිබෙනවාද යන්න පිළිබඳව විමසා බැලිය යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ය.
ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන සාකච්ඡා කිරීමේදී පවතින ව්‍යවස්ථාවට අනුව බලය හිමි කොටස් නොසළකා හැර ඇති අතර 2023 දෙසැම්බර් පවත්වන ලද සාකච්ඡාවලදී ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවතින ව්‍යවස්ථාවේ බලය හිමි කොටස් සඳහා මූලිකත්වය දී කටයුතු කර නැති අතර එහි දී බලය නැති කොටස් ද දිගින් දිගටම සාකච්ඡාවට කැඳවමින් පළමු එකඟතාවය ගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහුය නොසළකා හැර ඇත.මේ ආකාරයෙන් රටේ අධිකරණ පද්ධතිය නීතිමය තත්ත්වය නොසළකන තත්ත්වයක් තුළ,රටේ ක්‍රීඩා පණත සහ රටේ ක්‍රීඩාවල ව්‍යවස්ථාමය තත්ත්වයන් නොසළකා,මේ රටෙන් වන වැරදිවලට දඬුවම් නොදෙන අයට ජාත්‍යන්තර සහ කළාපීය බලවතුන් අල්ලාගෙන රටේ ක්‍රීඩා පනතට,ස්වාධීනත්වයට,නීතියට බලපෑම් කර බලයට ඒමට අවශ්‍යය පාර සකසා ගත හැකිය.එම පූර්වාදර්ශය ලබා දෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉඩ ලබා දෙන්නේ ද යන්න දැන් ගැටළුකාරීය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම රටේ නීතිය මඟින් දඬුවම් කළ යුතුව තිබුණු නිලධාරීන්ට එරෙහිව කිසිවක් නොකළ රටේ දේශපාලන යාන්ත්‍රණයේ අලුත් දිගුවේදී එම දඬුවම් නොකරන ලද කොටස් නියෝජනය කළ පරිපාලනයේ ප්‍රධාන විධායකයා අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාව ද සිටියිනම් ක්‍රීඩා අමාත්‍යවරයා කුමක් කළ යුතුද?
පහසු නැති තැනකට රටේ ක්‍රීඩාව ඇඳ දැමීමට පමණක් නොව නීතිය හෑල්ලු කර ඊට උඩින් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල බලපෑම්වලට ක්‍රියා කරන්නට රටේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට හැකි ද යන්න ඉදිරියේදී අධිකරණයේදී විසඳෙන කාරණාවක්ව පවතින්නේය.අධිකරණ තීරණයට පිටින් වැඩ කරන්නට ජාත්‍යන්තර බලයක් ආවේශ කර ගනිමින් කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ මොහොතේ ත්‍රිවිධ හමුදාවේ සිටි ඉහළ නිලධාරියෙකු ලෙස රටේ නීතිය,ස්වාධීනත්වය යන කරුණු නොසළකා කටයුතු කිරීම ඇඳහිය නොහැකි තත්ත්වයකි.
දැන්වත් ක්‍රිඩා අමාත්‍යවරයා මේ ඇති වී තිබෙන තත්ත්වයන් ගැන අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා ද කැඳවා ජාත්‍යන්තරය දක්වා මේ ප්‍රශ්නය නිසි ලෙස කළමණාකරණය නොකරමින් අවුලුවා ඇති ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් පිටත සිට මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගත යුතුව ඇත.අමාත්‍යංශ ලේකම්වරයා හරහා යන්නට හැදූ ආසියානු රග්බි පරිපාලනය තුළ සිටින ශ්‍රී ලංකාවේ පිරිස් යොදවා පරිපාලනය කිරීමේ යෝජනාවක් හැකිලුණු බව අපි දනිමු.දැන් ක්‍රිඩා අමාත්‍යවරයාට අදාළ පෙබරවාරි 14 ලිපිය විමසා බැලීමේදී එහිද එවැනි ඉඟි ඇති බව දැක ගන්නට හැකිය.
මේ ගෙනෙන්නට උත්සාහ කරන්නේ කවුුරුද යන්න දැන් පැහැදිළි කර ගැනීම අසීරු නැත.එම යෝජනාවෙන් එළියට එන්නේ මීට පෙර ඩේවිඩ් කැරිගි රටේ රගර් ආදාර කපා ආරක්ෂා කළ වැරදි නිලධාරීන්ට ඔටුන් පළදන්නට ඇති උවමනාවය.
අපි බලා සිටින්නෙමු.රටේ නීතිය ගැන නොසළක නිලධාරි ගැන අමාත්‍යවරයා ගනු ලබන තීරණය ඉතා වැදගත් වනු ඇත.

