*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

PUCSL සභාපතිගේ අනුමැතිය නැතුවම 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට අනුමැතිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ, තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තුන් දෙනා අනුමැතිය දුන් බවයි.

එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බව ඒ මහතා පවසයි.

ජනක රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට තමා හැර එහි සෙසු සමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර හා එස්.ජී.සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පල කළ බව ද ඔවුන් ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ අධික ගාස්තු ක්‍රමයට අනුමැතිය පල කර ඇති බවයි.

කොමිෂන් සභාව විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36% කින් වන අතර එමගින් විදුලි බල මණ්ඩලයේ අමතර ආදායම රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමක් දක්වා පහත හෙළීමට යෝජනා කර තිබිණි. කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවෙන් ගෘහස්ථ අංශයේ ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන කණ්ඩායමට සියයට 250 ක ගාස්තු වැඩි කිරීමක් සිදුවන බව ද ජනක රත්නායක මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ අද (15) සිට අනුමත කළ ගාස්තු ක්‍රමය නීතිවිරෝධි බවයි.

ජනක රත්නායක මහතා පවසන්නේ එය ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාව දැඩි පීඩනයකට ලක් වන අතර සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වන බවයි .

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan