හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ සේවය පසුගිය 26 වැනිදා සිට අත්හිටුවීමට ද පියවර ගෙන තිබිණි.

එමෙන්ම එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ ද සේවය අත්හිටුවා තිබේ.

පසුගිය 25 වැනිදා හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු පොලිස් භාරයේ සිටියදී මියගොස් තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහුගේ තත්ත්වය පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු නොකිරීම, විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා නොදීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වේ.

එලෙස පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් තිබුණේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!