*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ජනාධිපති මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම නැවැත්වූවා, භාණ්ඩාගාරයේ ලේකම් කැඳවා සල්ලි දෙන්න එපා කීවා: අනුර දිසානායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම නැවැත්වූ බවත්, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන කැඳවා මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් නොකරන ලෙසත් පවසා ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මොණරාගල පැවති ජන හමුවක් අමතමනි.

“පාර්ලිමේන්තුවේ වංචනික හා අපරාධකරුවන් රැලක් ඉන්නවා. ඒ දූෂිතයන්ට විරුද්ධව ජනතාව නැගිට්ටා. ඔවුන්ව පළවා හැරියා. ඒක ලංකා ඉතිහාසයේ ඉතා ශ්‍රේෂ්ඨතම නැගිටීමක්. ජනතාවට අපරාධ කරපු, ජනතාවගේ ධනය හොරකම් කරපු, ජනතාව ගැන සැලකිල්ලට නොගෙන ජනතාව විනාශ කරන තීන්දු තීරණ ගත්ත අය රටේ ජනතාව එකතු වෙලා පළවා හැරියා. ජනතාවගෙන් නැගෙමින් තිබුණු කෝපයට, විරෝධයට ආරක්ෂකයා හැටියට ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තා. රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ආරක්ෂකයා නොවෙයි. රනිල් වික්‍රමසිංහ, මහින්දගේ, ගෝඨාභයගේ, බැසිල්ගේ ආරක්ෂකයා. රනිල් වික්‍රමසිංහ, ජනතාවගේ දුක, වේදනාව ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූ නායකයෙක් නොවෙයි. ජනතාව ගෝඨාභය පළවා හැරියා. රනිල් වික්‍රමසිංහව පුටුවේ වාඩිකර ගත්තා. ගෝඨාභය, රට රටවල ගිහින් ආපහු ආවා. කොළඹින් ගෙයක් දුන්නා. වාහන ආණ්ඩුවෙන්, ආරක්ෂාව, ලයිට් බිල, වතුර බිල ආණ්ඩුවෙන්, රනිල් වික්‍රමසිංහ ගෝඨාභයගේ ආරක්ෂකයා. ජනතාව ආරක්ෂා කරන්න ආ කෙනෙක් නොවෙයි. දැන් ජනතාවගේ ජන මතයට බයයි.

ඉතිහාසයේ මැතිවරණ කොමිසම මැතිවරණ දිනය ප්‍රකාශ කළාම සැකයක් තිබුණේ නැහැ. දැන් ඡන්දෙ තියයිද නැද්ද කියා දෙගිඩියාවෙන් ඉන්නවා. මේ මාර්තු මාසෙ 09 වැනිදා කියන්නේ ලංකා දේශපාලනයේ සිදුවෙන විශේෂිතම හැරවුම් දිනය. අපි ජනතාව අමතලා තියෙනවා, ඒත් මේ තරම් ජනතාවගේ කැමැත්තක්, ආශ්වාදයක්, නැගිටීමක්, අපේක්ෂාවක් අපි දැක්කේ නැහැ. මේ ජනතාව කියන්නේ මොකක්ද?. පැරණි දේශපාලනයෙන්, වංචනිකයන්, දූෂිතයන් කළ පාලනයෙන්, මිදෙන්න තිබෙන සූදානම. සියලු සමීක්ෂණ වාර්තාවල තිබෙන්නේ මාලිමාව උඩින්. ඊට පස්සේ යටි කුමන්ත්‍රණ කරන්න සූදානම් වුණා. මේ රටේ පමණක් නොවෙයි විදෙස් රටවල ජීවත් වෙන ලංකාවේ ජනතාවත් මේ දූෂිත පාලකයන් පළවා හරින්න තෝරා ගත්තේ මාලිමාව. සමාජ මාධ්‍ය ජාලාවල, බුද්ධි අංශ වාර්තාවල, ස්වාධීන නිරීක්ෂණ වාර්තාවල උඩින්ම ඉන්නේ මාලිමාව. මේකට බය කණ්ඩායමක් ඉන්නවා. ඒ දූෂිතයන්, මේ රටේ මහජනතාව ගැන සැලකිල්ලක් නැතිව මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කර ගත් අපරාධකාරයන්, කුඩු ව්‍යාපාරිකයන්, බයයි. පාර්ලිමේන්තුවේ නීති, විවිධ අනපනත්, ගෙනත් ඡන්ද කල්දැමීමට උත්සාහ ගත්තා. ජේ.ආර්.ගේ පාර්ලිමේන්තුවේ අපි හිටියේ නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ අපි ඉන්නවා, අපි ඒ වැඩේ පරාජය කළා. ඊළඟට අධිකරණයට ගියා. අධිකරණයේ නඩු දෙකක් තියෙනවා. ඡන්දය පවත්වන්න කියන නඩුව හා ඡන්දෙ තියන්න එපා කියන නඩුව. පසුගිය 10 වැනිදා ඡන්දෙ තියන්න කියන නඩුව ගත්තා. එදා මැතිවරණ කොමිසම එකඟතාවයකට ආවා මැතිවරණය නිසි පරිදි පවත්වන බවට. කර්නල්ගෙ ඡන්දෙ තියන්න එපා කියන දෙවන නඩුව ආවා. ඔහුට ඡන්දෙ තියෙනවාද යන්න ඔප්පු කර ගන්න බැරි වුණා. වගඋත්තරකරුවෙක් නැත. ඡන්දදායකයෝ එක්කෝටි හැත්තෑලක්ෂයක් පමණ සියල්ලන්ම වගඋත්තරකරුවන්. නඩුව 23ට කල් දැමුවා. ආපහු නඩුව ගොනුකරන්න කිවුවා.

ඊයේ ජනාධිපති මුද්‍රණාලාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම නැවැත්වුවා. භාණ්ඩාගාරයේ ලේකම්, සිරිවර්ධන කැඳෙව්වා. සල්ලි දෙන්න එපා කීවා. මේ වේදිකාවේ සිට අපි මුද්‍රණාලාධිපතිනියට, භාණ්ඩාගාරයේ ලේකම්ට අපි කියන්නේ තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව හිතාමතා ඡන්දෙ වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු තුනක් හිරේ. කවුරු මේ නඩු ඇහුවේ නැතත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ නඩු අහනවා. මේ අය කළ යුත්තේ ජනාධිපතිගේ කාර්යයන් නොවෙයි; ජනතාවගේ වගකීම්. මුද්‍රණාලයාධිපතිනියට, මහ බැංකුවේ ලේකම්ට පඩි ගෙවන්නේ, ගෙවල් දෙන්නේ මහජන මුදලින්. එහෙනම් මහජනයාගේ කාර්යයන් කරන්න ඕනෑ. සල්ලි නෑ. තියෙන සල්ලිවලින් ප්‍රමුඛතාවයට මුල් තැන දෙන්න ඕනෑ. ප්‍රමුඛතාවයක් තමයි පඩි ගෙවන එක, ඡන්දෙ තියෙන එක. මහජනයාගේ ජන මතය කියන්නේ ප්‍රමුඛතාවයක්. භාණ්ඩාගාරය හැමදාම හිස්. ඒක යන්නෙ බැංකු අයිරාවෙන්. ඒ කියන්නේ ගිණුමේ සල්ලි නැතිව බැංකුව වියදම් කර තිබෙනවා. භාණ්ඩාගාරයේ ලේකම් ප්‍රමුඛතාවයට මුල් තැන දී කටයුතු නොකරන්නේ නම්, ඔබ අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවෙක් බවට පත්කරන බව සහතික කරනවා. මහජන මතය සමග සෙල්ලම් කරන්න ඉඩදෙන්නේ නැහැ. ව්‍යවස්ථානුකූල ලෙස, නීතිමය ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගන්නාවූ ක්‍රියාමාර්ග සියල්ලම පරාජය කරන්න ගතහැකි සෑම පියවරක්ම අපි ගන්න බවට සහතික වෙනවා.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan