*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

ජනමතයක් නැති ආණ්ඩුව මැතිවරණයට බිය වෙලා. මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය තවම අවසන්ව නෑ: විපක්ෂ නායක සජිත්

ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු ඒ පිළිබඳ නිවේදනයක් ද නිකුත් කලේ මෙසේය.

“ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකෑමට ආණ්ඩුව විසින් ගනු ලබන නවතම නාඩගම කරලියට පැමිණ ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් වෙන් නොකිරීමට තීන්දු කිරීමෙනි. ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැත. 22වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා තවත් බියගුළු වෑයමක් ගෙන තිබේ. මැතිවරණය යනු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් වන අතර, එය උල්ලංඝනය කිරීමට කිසිවකුට බලයක් නැති බව අවධාරණය කළ යුතුය. මැතිවරණ කල් දැමීමේ ආදීනව පිළිබඳව කුප්‍රකට ඉතිහාසගත සිදුවීම් අප රටක් ලෙස අවස්ථා රැසකදී අත්දැක ඇති අතර නැවත ඒ කළු සිදුවීම් වීමට තිබෙන සියලු මාර්ග වසා දැමිය යුතුය. මැතිවරණය කල් දැමීම උදෙසා කුමණ්ත්‍රණ කරන සියලුදෙනාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දණුවම් ලබා දීමට අප නොපසුබටව කටයුතු කරන බව දන්වා සිටිමි” .

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan