CEB ඉල්ලීම ඉවතට.විදුලි කප්පාදුවකට ඉඩක් නැහැ – PUCSL (VIDEO)

Date:

පසුගිය සතියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින ලද දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට අවසර නොදුන් බවට මහජන උපයෝගීතා කොමිසම අද (15) නිවේදනය කළේය.

එහි සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ පවතින දත්ත අනුව එම විදුලි කප්පාදුවට නොගොස් තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවයි.

ඒ අනුව ප්‍රධාන වශයෙන් ඉදිරි වර්ෂාව ලැබෙන තෙක් ජල විදුලිය නිෂ්පාදනය 50%කින් අඩු කිරීමට උපදෙස් දී තිබේ.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන තුළ විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (12) ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනයේ නිලධාරීන් සමඟ මහජන උපයෝගීතා කොමිසම සාකච්ජාවක් පැවැත්වූ අතර එම තීන්දුවයි අද ප්‍රකාශයට පත් කෙරුණේ.

තවදුරටත් විදුලි පරිභෝජනය කළමනාකරණය සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙතත්,සාමාන්‍ය පාරිභෝගික ජනතාව වෙතත් තවත් නිර්දේශ ලබා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...