සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 15 කොළඹ (LNW): විශේෂඥ වෛද්‍ය සුදත් සේනාරත්න මහතා පී එස් එස් එල් (perinatal society of Sri Lanka) හි නව සභාපතිවරයා ලෙස පත්කෙරුණි.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් සභාපතිවරයා පත් කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, සුදත් සේනාරත්න මහතා පත්වුණේ මෙම සංගමයේ 23 වන සභාපතිවරයා ලෙසයි .
සංගමයේ හිටපු සභාපති වෛද්‍ය ආචාර්ය සුසී පෙරේරා මහත්මිය සභාපතිවරයාට හිමි පදක්කම නිල වශයෙන් නව සභාපතිවරයාට භාරදුන් අතර, හිටපු සභාපතිවරියගේ සේවාව අගය කරමින් විශේෂ පදක්කම් ප්‍රධානයක් ද සිදුකෙරුණි.