යුක්රේනය සම්බන්ධයෙන් හදිසි සමුළුවක් පැවැත්වීමට යුරෝපා නායකයන් සුදානමින්

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ එක්ව යුක්රේන යුද්ධය නිමා කිරීම ගැන සාකච්ජා කිරීමට ඉදිරි දිනවලදී සෞදි අරාබියේ සුදානමින් සිටින බව අනාවරණය වීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් යුක්රේනයේ යුද්ධය පිළිබඳ හදිසි සමුළුවක් සඳහා යුරෝපීය නායකයින් ලබන සතියේ දී ප්‍රංශයේ රැස් වීමට සුදානම් බව වාර්තා වේ.

මෙම විශේෂ සමුළුව එමානුවෙල් මැක්‍රොන් විසින් සංවිධානය කර ඇති අතර පැරිසියේ පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට අපේක්ෂා කරන බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසුවේ එය “අපගේ ජාතික ආරක්ෂාව සඳහා පරම්පරාවකට වරක් සිදුවන අවස්ථාවක්” බවත් යුරෝපය නේටෝව තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්ය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් ඉදිරි දිනවලදී සෞදි අරාබියේ රුසියානු සාකච්ඡාකරුවන් හමුවීමට නියමිත වන අතර එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ මේ වෙනුවෙන් සහභාගී වීමට යුක්රේනයට ද ආරාධනා කර ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මියුනිච් ආරක්ෂක සමුළුවේදී ලෝක නායකයන් අමතමින් යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ, මේවන තෙක් තමන්ට එවැනි ආරාධනයක් නොලැබුණු බවත්, එක්සත් ජනපදය තවදුරටත් මහාද්වීපයේ ආධාරයට නොඑනු ඇති හෙයින් යුරෝපයේ හමුදාවක් නිර්මාණය කළ යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලය රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...