GI පයිප්ප නඩුවෙන් ඇමති කෙහෙළිය නිදහස් !

2014 වසරේ ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදලින් ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රුපියල් 990,000 ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබුණු නඩුවෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

නැවත නඩු පැවරීමේ කොන්දේසිය යටතේ මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරන ලදී.

මීට පෙර ද අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩු ගණනාවක් ඔවුන් විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් මෙසේ විත්තිකරුවන් නිදහස් කිරීම සිදුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...