GI පයිප්ප නඩුවෙන් ඇමති කෙහෙළිය නිදහස් !

Date:

2014 වසරේ ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදලින් ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රුපියල් 990,000 ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබුණු නඩුවෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

නැවත නඩු පැවරීමේ කොන්දේසිය යටතේ මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරන ලදී.

මීට පෙර ද අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩු ගණනාවක් ඔවුන් විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් මෙසේ විත්තිකරුවන් නිදහස් කිරීම සිදුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...