සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 16 කොළඹ (LNW): ශ්‍රී ලංකාව පාපන්දු ක්‍රීඩාවෙන් ඉන්නෙ පතුලටම වැටිලා.ඒක බොරුවක් කියන්න බැරි ඇත්තක්.මේක වෙනස් කරන්න පුළුවන් එක හේතුවක් විදිහට ලංකාවෙන් පිට පාපන්දු ගහන ලංකාවෙ පුරවැසිකම ගන්න පුළුවන් ක්‍රීඩකයො ගැන අදහසක් එළියට වීසිවෙන්නෙ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් එක්කමයි.ඒකෙ කොණක හිටපු අනෝජා බස්නායක කියන පාපන්දු රසිකාවිය එහිදී ඇතිවන ගැටළුකාරි තත්ත්වයන් ගැන කතා කරන්නෙ 2016 විතර ඈත දවසක.ඒක වෙනම වෙබ් එකක කතා කරනවා.
ඊට පස්සෙ මේකෙ රහ සහ ගුණ හරියටම පපුවටයි ඔළුවටයි දෙකටම දාගන්න තරුණ මාධ්‍යවේදියෙක් වෙන චතුර රණසිංහ මේ තොරතුරු ඔස්සේ පියාඹා යනවා.ඒකට උදව් කරපු සංවිධාන,මිනිස්සු තව ඇති.ඒත් මේක පිස්සුවෙන් වගෙ අකුරු අස්සෙ මිනිස්සුන්ගේ හැඟීමක්,උවමනාවක් කරන්නෙ චතුර.පාපන්දුවලට සීමා නොවුණ ඒ හරගීම ලංකාවෙ වෙනත් ක්‍රීඩාවල හතර මායිමත් පැනල ඉඟිළුණා තමයි.හැබැයි හරියටම පිට්ටනියේ වහන්න පුළුවන් කුරුල්ලෝ කණ්ඩායම හම්බ වෙලා තියෙන්නෙ දැන් පාපන්දුවට.
ලෝකෙ හතර අත ඉන්න පාපන්දු රස පලවල ලංකාවේ මුද්‍රාව තිබ්බට මදි,ඒව ලංකා පොළවෙ බීජු වපුරන්න පුළුවන් මට්ටමට සකස් කරන්න ඕනි.මේ ගැන ජස්වර් උමාර්ගෙන්ම පාපන්දු මාධ්‍ය හමුවක ඇහැව්වට හරි කතා බහක් එළියට ආවෙ නැත්තෙ සමහර වෙලාවට ලංකාවෙ පොදු ප්‍රශ්නයක් නිසා.මොකද ප්‍රශ්නයක් සාකච්ඡා කරලා නිරාකරණය කර ගන්න ඉස්සෙල්ලා ඒක තමන්ට ප්‍රශ්නයක් නොවෙයිනම් වෙන ප්‍රශ්නයක් එතනට අත අරින එක ස්වභාවයක් වගේම සමහර වෙලාවට පාලකයොම අමාරු එකෙන් අයින් වෙන්න කරන උපක්‍රමයක්.
දැන් අලුත්ම තත්ත්වය ලංකාවට ක්‍රීඩා කරන්න සූදානම් 15 ක් මාර්තු මස පැවත්වීමට නියමිත සිව්ජාතික තරගාවලිය සඳහා සූදානම් කර ගැනීමට හැකි වෙනු ඇතැයි ඇති වී තිබෙන විශ්වාසය.මෙහිදි අවධානයේ තබාගත යුතුම දේ තමයි මොවුන් ලංකාවට නෑකම් කිව්වට ඔවුන් වෙනත් මූලාශ්‍ර ඔස්සේ වර්ථමානය වන විට සකස් කරගෙන තියෙන වෘත්තීය අගය ඒ විදිහටම ලබා දෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න.ලංකාවට ගහන එක මාර වැඩක් කියලා පෙන්නන්න යන්නෙ නැතුව,ඔවුන් ලංකාවෙ පාපන්දුවලට මාර දෙයක් කියලා ඔවුන්ගේ ක්‍රීඩාවේ වෘත්තීය මට්ටම රැක දීම අතිශයින් වැදගත් බව මෙහිදී අමතක නොකළම යුතු කාරණයක්.
එසේම ඔවුන් සිය වෘත්තීය අනන්‍යතාවයට හානියක් නොවී රැක ගන්නවා වගේම මේ 15 දෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් ක්‍රීඩා කිරීමෙන් පොදුවේ ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට වැඩක් නොවන බව අප තේරුම් ගත යුතු වෙනවා.ඒ නිසා මේ 15 භාරගන්න පුළුවන් මට්ටමට ආධාර දෙමින් ඔවුන් ක්‍රීඩා සමාජවලට අනුයුක්ත කළ යුතුයි.පාපන්දු කියන්නෙම සුවිසල් සහසම්බන්ධයක් සහිත රිද්මයක් මත දිවෙන ක්‍රිඩාවක්.එකිනෙනාගේ රිද්මයන් පෑහෙන තරමට තමයි කණ්ඩායමක ක්‍රියාකාරීත්වය සාර්ථක වෙන්නෙ.ඒ නිසා එකට ලංකාවෙ සිටින ක්‍රීඩකයින් අතර මේ ආගන්තුක ලාංකිකයන්ගේ දායකත්වයේ රිද්මය පෑහෙන්න තැනක් තියෙන්නම වෙනවා.එවිට මේ පොළවෙ ඉන්න පාර සොයන විශිෂ්ඨයන්ට නිවැරදි අවස්ථාවක් හිමි වෙයි.සමහර විට මේ එන 15 හෝ ඊට වැඩි පිරිසට කණ්ඩායමට එන්න සටනක් කරන්න පුළුවන් පිරිසක් මේ පොළවෙ පාපන්දුව ඇතුළෙ හැඳෙයි.අවසාන ඉලක්කයට එන්න ඕනි ලංකාවෙ පාපන්දු වැටි තිබෙන තැනින් නැගිට්ටුවා ක්ෂණිකව එකතු කර ගන්න ජයග්‍රහණ නෙමෙයි.ඒ ජයග්‍රහණ අනාගතයට පුරුද්දන්න ඕනි තැන තිබෙන්න ඕනි ඉහළ සහ දියුණු ජයග්‍රාහී පාපන්දු සංස්කෘතියක්.
ඉතිං මේ ලංකාවෙ ලේ ලංකාවේ පොළවේ ජයග්‍රහණවලට දහදිය වෙලා වැටෙන්න නියමිත බවට නිකුත් වි තිබෙන සංඥාව ගැන ආයෙමත් කියන්න තියෙන වචනය “මරු”. එැබැයි ඒ “මරු” එක හැමදාටම මේ පොළවෙ රැඳෙන බර එකක් කරන්න විශාල කැපවීමක් සහ සැළසුමක් අවශ්‍යය වෙනවා.අනාගතය වෙනුවෙන් කැපවීම් කරන්න සූදානම් මිනිස්සු අවශ්‍යය වෙනවා.ඒ වෙනුවෙන් මහන්සි වුණ කැපවීම් කරපු මිනිස්සු සමහර විට එදාට නැති වෙන තරම් දුරක හොදම සාර්ථකත්වය හමුවේවී.දවසින් දෙකෙන් එහෙම නැත්නම් පේන මානෙ ඒ දේ විය යුතු නැහ.හැබැයි ඒ දේ සඳහා යන ගමන සැකසෙන බවත්,සිඳුවන බවත් අදත් හෙටත් පාපන්දු සුක්කානමට අත තියෙන හැමෝම වෙතින් පේන්න වෙනවා.මේ ඇත්ත එක්ක හැප්පෙන්න කැපවෙන්න පාපන්දු පරිපාලනය බන්දා තබන විදිහට ප්‍රතිපත්තිමය කරුණු නැත්නම් හකුලන්න බැරි මට්ටමේ ස්ථාවර තරග සැළසුම් හදන්න ජස්වර්ලා පටන් ගත්තොත් කවද කවුරු ගෝල් එක ගැහැව්වත්,ඒ පාස් එක අමරණීය එකක් වෙයි.
ආගමන විගමන නීතී සමඟින් ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනයට අවශ්‍ය සුදුසුකම සකස් කර ගන්න නියමිත නාම ලේඛණය පහතින් තිබෙනවා.එය ඉංග්‍රීසියෙන්ම රඳවා තැබීම වැදගත් වන්නේ තවමත් ඒ බොහෝ නම්වල තිබෙන විදේශීය හුරුව නිසයි.
- Jack Hingert (RB/LB)
- Claudio Kammerknecht (CB/RB)
- Jason Thayaparan (CB/DM)
- Dagsan Vigneswaran (CB/RB)
- Steven Blossom (DM/RB)
- Barath Suresh (DM/CM)
- Adhavan Rajamohan (CM/RW)
- Anujan Rajendram (CM)
- Leon Perera (CM)
- Regize Canistan (LM/LW)
- Waseem Razeek (CF/RW)
- Dillon De Silva (RW/LW)
- Oliver Kelaart (RW/CF)
- Rahul Suresh (CF/RW)
- Mario Jude Dominicus (LW/RW)
තවත් දෙයක් මේ නම් සියල්ල එක දිගට කියාගෙන බලාගෙන යද්දි මට හිතෙන දෙයක් තියෙනවා.මේ සමහර ලාංකිකයො ඔවුන්ගේ අයිතීන් නොදෙන නිසා මේ පොළවෙන් නික්ම ගිය පවුල්වලට කුමන හො සබඳකමක් ඇතියි කියන ඒ සැකය පසුවට කැන බැලීම තබා රටට තියෙන්නෙ මේ පිරිස හරහා අපි ඔක්කොම ලාංකිකයො විදිහට හිතුවොත් ජයගන්න පුළුවන් කණ්ඩායමක් හදාගන්න පුළුවන් කියන එකයි.පාපන්දු පිටියට සීමා නොවී ජාතිය,ආගම ලෙස නොබෙදුණු දියණු මනුස්සයෙක් විදිහට හිතුවොත් අපි ඔක්කොම එකයි.එහෙම හිතුණොත් ඔක්කොටම එකතු වෙලා රට එක කරන්නත් පුළුවන්.