*
Monday, May 6, 2024
spot_img

Latest Posts

යුරෝ මිලියන 7 ක මුල්‍ය ප්‍රතිපාදන යුරෝපා සංගමයෙන්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 16 කොළඹ (LNW): අද (16) දින , යුරෝපා සංගමයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ආසියානු පදනම හා බ්‍රිතාන්‍ය කවුන්සිලය SEDR (ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම) ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශිය මට්ටමින් කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය හා සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම සදහා සමථ වැඩ සටහන් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් (සමථ) වෙත පරිගණක ලැප්ටොප් ප්‍රදානය කිරීමේ වැඩ සටහනෙහි දෙවන අදියර අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දෙවන අදියර යටතේ ලැප්ටොප් පරිගණක 97 ක් ලබාදීමට නියමිතය.

යුරෝපා සංගමයේ මුල්‍ය ආධාර මත ආසියානු පදනමේ හා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තාක්ෂණික හා සංවිධාන සහයෝගිතාවය මත සමථ මණ්ඩල කොමිෂන් සභාව හා එක්ව ක්‍රියාත්මක කරන ආරවුල් නිරාකරණයට සහායවීම ව්‍යාපෘතිය යටතේ ( SEDR ) සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම, එය ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කොට ගෙන සිවිල් ආරවුල් අධිකරණය දක්වා නොගොස් සමථකරණය හරහා විසදුම් ලබා ගැනීම සදහා යොමු කිරීමේ ශක්‍යතාවය පුළුල් කිරීම සදහා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වන අතර, එ යටතේ යුරෝ මිලියන 7 ක මුල්‍ය ප්‍රතිපාදන යුරෝපා සංගමය විසින් ලබා දී තිබේ.

ප්‍රජා සමථ මණ්ඩලවල ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම,ඉඩම් සදහා විශේෂිත සමථ මණ්ඩලවල ක්‍රියාකාරකම් පුළුල් කිරීමට සහ වැඩි දියුණු කිරීම, ප්‍රජා ගැටළු විසදීමට සහ ප්‍රජා මට්ටමේ දුක් ගැනවිලි නිරාකරණ කටයුතු වැඩි දියුණු කිරීම, සමථකරණයේ ප්‍රතිලාභ පෙන්නුම් කිරිමට සහ සමථකරණ සේවාවන් භාවිතය දිරි ගැන්වීම යන ක්ෂේත්‍ර හතර තුළ ක්‍රියාත්මක වන අතර, එම අරමුණු සාර්ථක කර ගැනීම සදහා ප්‍රාදේශිය මට්ටමින් කටයුතු කරනු ලබන සමථ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය හා සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම සදහා මෙම ලැප්ටොප් පරිගණක ලබාදීම කරනු ලබයි.

ප්‍රාදේශීය මට්ටමින් සමථකරණ ක්‍රියාවලියට අදාළව දත්ත තොරතුරු එක් රැස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම, ප්‍රාදේශිය මට්ටමින් සමථකරණ සේවාව භාවිතා කිරීම ප්‍රචලිත කිරීමේ කටයුතු සදහා මෙම පරිගණක ලැප්ටොප් යොදා ගැනිමට නියමිතව තිබෙන අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ලැප්ටොප් පරිගණක 70 ක් බෙදාදීම 2022 වසරේ සිදු කරනු ලැබු අතර, ඉදිරි අදියරයන්වලදී සෙසු නිලධාරීන් සදහා ලැප්ටොප් බෙදාදීමට නියමිතය. පරිගණක භාවිතය සම්බන්ධයෙන් තාක්ෂණික පුහුණුවක්ද නිලධාරීන් සදහා ලබාදීමට කරනු ලබයි.

ලැප්ටොප් පරිගණක බෙදාදීමේ උත්සවය අමතමින් අධිකරණ ඇමතිවරයා මෙසේ සදහන් කළේය.

” ශ්‍රී ලංකාවේ සමථ ක්‍රමය වැඩි දියුණු කිරීම සදහා යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය කවුන්සිලය හා ආසියානු පදනම ලබා දෙන සහයෝගය අගය කරනවා. අධිකරණ ක්‍රියාවලිය මුහුණ දී සිටින බරපතල ගැටළුක් ලෙස නඩු ප්‍රමාදය සදහන් කළ හැකියි. නඩු ප්‍රමාදය අවම කිරීමට ක්‍රියා මාර්ග රාශියක් ගෙන තිබෙනවා. සමථ ක්‍රමය යනු මිත්‍රශිලීව ජනතාවට පවතින ගැටළු විසදීමේ ක්‍රමවේදයක් බව සදහන් කළ යුතුයි. අධිකරණය ඉදිරියට ගොස් ගැටළු විසදා ගැනීමේදී එක් පාර්ශ්වයක් සතුටු වීම හා තවත් පාර්ශ්වයක් අසතුටුදායක තත්වයට පත්වීම සිදු වෙනවා. එහෙත් සමථ ක්‍රමය තුළින් ගැටළුවට මුහුණ දී සිටින දෙපාර්ශ්වයම සතුටු වෙනවා. එවැනි ක්‍රම තුළින් ගැටළු සදහා විසදුම් ලබා ගැනීමේදී සමාජයේ පවතින අපරාධ ගැටළු ඇති වන්නේ නැහැ. 1988 වර්ෂයේ අපේ රටට සමථ මණ්ඩල ක්‍රමය හදුන්වු දෙනු ලැබුවා. සමථ ක්‍රමය හදුන්වා දුන් දින සිට මේ දක්වා මෙරට ගැටළු විසදීම සදහා විශාල දායකත්වයක් ලබා දුන්නා. සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි වලින් වර්තමානය වන විට සීයයට හැත්තෑවකට විසදුම් ලබා දෙනවා. යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් සදහා හදුන්වා දුන් ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල ක්‍රමය ඉතාමත් සාර්ථකයි. එම ක්‍රමය දිවයින පුරා හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. ”

සමථ මණ්ඩල කටයුතු වෙනුවෙන් ලබා දෙන පහසුකම් ලබා ගනිමින් එම ක්‍රමය තවදුරටත් ජනතාව අතර ව්‍යාප්ත කිරීමට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යතුමා පැවසූවේය.

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්.යාපා, ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙනුවෙන් යුරෝපා සංගමයේ තානාපතිනී Carmen Moreno, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක ඔලැන්ඩෝ එඩ්වර්ඩ්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් තිලිණි රත්නසුරිය යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළහ.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, SEDR ව්‍යාපෘතියේ කණ්ඩායම් නායක Jacques Carstens යන මහත්වරුන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා ආසියා පදනම නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan