සටහන – පුලී
පෙබරවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Captain America: Brave New World හොඳ චිත්‍රපටයක් හෝ හොඳ චිත්‍රපට නැරඹීමේ අත්දැකීමක් බවට පත් කරමින් එහි අවසානය තුළින් මිනිසුන්ට කුතුහලය ඇති කිරීමට ඉඩ තිබුණි.
ඩිස්නි විසින් රෙඩ් හල්ක් ගැන තතු විවර නොකළේ නම් සහ හැරිසන් ෆෝඩ්ගේ සභාපති රොස් රෙඩ් හල්ක් බවට පත්වන බව චිත්‍රපටයට පිවිසීමට යොදා ගැනීම අප නොදැන සිටියේ නම් හෝ එයට හොද මාර්කට් එකක් ඇති වී තිබුණේ නම්, මෙය ඇත්තෙන්ම විනෝදජනක පෙරළියක් විය හැකිය.
මෙම Captain America: Brave New World යනු MCU හි කරළියට ආ හොඳම හෝ නරකම චිත්‍රපටය ද නොවේ. එහි සැබෑ විනෝදජනක ක්‍රියාදාම දර්ශන කිහිපයක් ද විය. පිරී ඉතිරී ගිය කුමන්ත්‍රණය න් තුළ හොඳ දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක් වැළලී ඇත.
ඇන්තනි මැකී කැප්ටන් ඇමරිකා ලෙස විශිෂ්ට කාර්යයක් ඉටු කළ ද මෙය කැප්ටන් ඇමරිකා ෆෑන්ස්ලා ඔලුවේ මවාගෙන සිටිනා ප්‍රතිරූපය නොවීම ද එක් පසෙකින් මෙහි පසු බැස්මක් සඳහන් කරයි.
මාර්වල් සිනමැටික් යුනිවර්ස් හි චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන මෙම Captain America: Brave New World මං මුලක් නැති කතාන්දරයකින් පිරුණු, බලන්නට ඕනිද නැතිද හෝ තීරණය කළ නොහැකි, සංකීර්ණ සහ එකිනෙකට ගැලපෙන්නේද යන්න පැහැදිලි නොවන සිනමාපටයක්ව හමාරය.
මෙහි ප්‍රධාන ගැටළුව වන්නේ අධික දේවල් එකම තැනක ගොඩගැසීමට දැරූ උත්සාහයයි. Seth Voelker (Giancarlo Esposito), Samuel Sterns(Tim Blake Nelson) සහ Red Hulk (Ross) ඔක්කොම එකට දමාගෙන ඇනූ අච්චාරුවක් ලෙස මෙම නව සිනමාපටය ඔබට පෙනෙන්නට ඇත.
නවතම මාර්වල් චිත්‍රපට බලන විට, නව චරිත කිහිපයක් හඳුන්වා දීම සාමාන්‍ය වන අතර, මෙම චිත්‍රපටය තුළ අලුත් චරිතද, පැරණි චරිතද, MCU ටෙලිවිෂන් වැඩසටහන්වල චරිතද බෙහෙවින් වැඩිපුර අඩංගු වීම නිසා, ප්‍රේක්ෂකයන් ඉතාමත් අසීරු හැඟීමක් දනවන බව කිව යුතුමය.
MCU හි හොඳම චිත්‍රපට අතර Captain America: The Winter Soldier නම් දැරූ සිනමාංගයක් විය. එය දේශපාලනමය රහස් පරීක්ෂණයකට සමාන වූ අතර, ප්‍රේක්ෂකයන්ට සිතිය හැකි මනෝවිද්‍යාත්මක ගැඹුරු බවක් ද ඒ තුළ ගැබ්ව තිබුණි. Brave New World ද එවැනි කතාවක් ගොඩනැගීමට උත්සාහ කරත් එය සාර්ථක නොවූ බවක් පෙන්නුම් කරයි.
මෙම චිත්‍රපටය තුළ මයින්ඩ් කන්ට්‍රෝලින්ග් මනා රසවත් ලෙස හැදැහැරිය හැකි නමුත් එයද නිසි ආකාරයෙන් සිදු කිරීමට ඔවුන් ෆේල් වී තිබේ. බොහෝ දේවල් ගැබ්ව ඇති අලුත්ම කැප්ටන් ඇමරිකා නිර්මාණය, වෙනත් MCU චිත්‍රපටවල සාමාන්‍ය පෙනුමට සමාන බැවින්, එය අලුත් දෙයක් නොවන ලෙස මාර්වල් ෆෑන්ස්ලාට දැනීම පුදුමයක් ද නොවනු ඇත.
අවසාන වශයෙන්, Brave New World හි මෙම විවේචනය ද ඇතුළත්ව කිවයුතුව ඇත්තේ MCU හි කොලිටියට මක්ක වෙලා ද යන්නයි. අප කුඩා කල පටන් ත්‍රාසය භීතිය කුතුහලය පිරි මාර්වල් චිත්‍රපට කියන්නේ වෙනම ලෙවල් එකක තිබුණ සිනමාංගයන් ය. නමුත් අද?
ඉදිරියේදී Thunderbolts සහ Fantastic Four: First Steps නරඹා මීට වඩා වෙනස් රසයක් තුළින් ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ ගනීද යන්න අපි බලා හිඳිමු!