ශාලින්ද ගේ ප්‍රහාරයෙන් කිරුළ ජෝර්ජ් ස්ටුවර්ට් සතු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 17,(LNW)කොළඹ :

ශාලින්ද මෙල් ආබාධ තත්ත්වයක් සහිතව සිටියදී පිටියට පැමිණ පන්දු 19 දී හයේ පහර 5 ක් සහ හතරේ පහර තුනක් සහිතව නොදැවී රැස් කළ ලකුණු 48 නිසා වෙළද සේවා ක්‍රිකට් ඊ කොටසේ සූරයන් වන්නට ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් කණ්ඩායමට හැකි වුණා.ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය යටතේ 2025 වසරට මෙම තරගාවලිය සංවිධානය වී තිබුණේ 22 වන වරටයි.

පෙබරවාරි 08 වන සෙනසුරාදා MCA පිටියේදී පැවති අවසාන තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් කණ්ඩායම ඕවර 25 කදී කඩුලු 9 කට ලකුණු 159 ක් ලබා ගැනීමට සමත් විය. බුද්ධික මධුෂාන් (පන්දු 28 කදී හයේ පහර 06 ක් ඇතුළුව) අර්ධ ශතකයක් සහ ආරම්භක පිතිකරු චමෝද් සුලක්ෂණ හයේ පහර 02 ක් සහ හතරේ පහර 03 ක් ඇතුළුව අගනා ලකුණු 38 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉණිමේ දී පන්දු ඕවර් 17 කදී කඩුලු 05 කට ලකුණු 89 ක් ලබා, පන්දු 48 කදී ලකුණු 70 ක් ලබා ගැනීමට තිබියදී පිටියට පිවිසි ශාලින්ද මෙල් එම අභියෝගය සාර්ථකව නිම කරන්නට සමත් විය.ඒ අනුව ධනුෂ්ක මධුසංක (පන්දු 44 කදී නොදැවී 34) සමඟ එක් 06 වන කඩුල්ල සඳහා පන්දු 40 කදී නොබිඳුණු ලකුණු 76 ක සබඳතාවක් ගොඩනඟමින් ඕවර් 23.4 කදී ලකුණු 05 කට 165 ක් දක්වා ලකුණු පූවරුව ඉහළට ගෙන එමින් ජෝර්ජ් ස්ටුවර්ට් ජයග්‍රහණය සහතික කළේය.තරග තීරක ටිරෝන් එච්. විජේවර්ධන,තරගයේ වීරයා ලෙස ශලින් ද මෙල් තෝරා ගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටය දක්වා දක්ෂතා මත පදනම් වූ අනෙකුත් විශේෂ සම්මාන තුන,අමානා තකාෆුල් හි ජේ.එම්. හුසේන් (හොඳම පන්දු යවන්නා); ජනශක්ති සමූහයෙන් පසිඳු පැතුම් (දක්‍ෂතම පිතිකරු) සහ හේලීස් සමූහය “බී” හී දිමන්ත කළුගලගේ
(තරග මාලාවේ වීරයා) හිමි කර ගැනීමට සමත් විය.
සීමාසහිත ඇසට්ලයින් ෆිනෑන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී අජන්තා ප්‍රේමසිරි, සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ලංකා සමාගමේ විකුණුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාලක කුමාරසිංහ සහ MCA සභාපති මහේෂ් ද අල්විස්, සහ MCA විධායක සහ තරඟාවලි කමිටු සාමාජික. ප්‍රවර්ධන ප්‍රනාන්දු යන අය ජය සංඛේත ප්‍රදානයට එක් වූහ.

ලකුණු සටහන
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් – ඕවර 25කදී කඩුලු 09කට 159 (චමෝද් සුලක්ෂණ 38, බුද්ධික මධුෂාන් 54, අසේල ප්‍රනාන්දු 22, ශලින් ද මෙල් 2/24, ධනුෂ්ක මධුසංක 2/48, ඩිනාල් ඉෂෙන් 2/16).
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් – ඕවර 23.4 කදී කඩුලු 5 කට 165 (ඩිනාල් ඉෂේන් 26, ධනුෂ්ක මධුසංක නොදැවී 34, ශාලින් ද මෙල් නොදැවී 48, දසුන් ගුණසිංහ 2/17)

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...