*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

“ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට”

සමාජයේ පැවැත්මට, ආදරය, ඉවසීම, කරුණාව, යහපත් වචන, සබුද්ධික භාවය වැනි ගුණාංග අත්‍යාවශ්‍යම වේ.

අද වනවිට මුහුණු පොතේ සුලභ කතිකාවක් ඇතිකළ එක් දරුපියෙකු මරා දැමූ පාසැල් යන වයසේ නරුම තරුණයින් තිදෙනෙක් පිළිබඳව පළවූ සියළුම පෝස්ට් සියල්ලම කියවීමෙන් පසු මෙය ලිවීමට අවශ්‍ය යැයි සිතුවෙමි..

දරුවකු බිහිකිරීම පමණක් සෑහීමකට පත් වීමට නොහැක. ඔහු හෝ ඇය මේ සමාජය තුළ යහපත් පුරවැසියකු ලෙස සමාජ ගත කිරීම සහ දරුවන් පිළිබඳ නිතර ඇසගැටෙන මානයේ සිට ඔවුන් යගමගට ගත යුතුය. ඒ වෙනුවෙන් දෙමාපියන් සතු වගකීම් අසීමිතය.

1) පවුලේ එකම දරුවා වූ විට ඉල්ලූ සියල්ලක්ම දෙමව්පියන් විසින් ලබාදෙන බැවින් ස්වභාවයෙන්ම දරුවා හිතුවක්කාර මුරණ්ඩු දරුවකු වීමට ඇති හැකියාව නිසා එය වලක්වා ගැනීම.

2) එකම දරුවාවූ විට අන්‍ය සමවයසේ දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇතිවන නොහැකියාව හේතුවෙන් අනාගතයේදී ඇතිවන ගැටළු වලක්වා ගැනීම.

3) තාක්ෂණය දියුවීමත් සමඟ , සමාජ ඇසුර අසීමිත වන බැවින් විවිධ ජාතීන්, විවිධ ආගමිකයින් ඇසුරු කරමින් ඕනෑම සමාජයක ජීවත්වීමට හුරු කිරීම..විශේෂයෙන්ම වැඩිහිටියන්ට , ගුරු දෙගුරුන්ට , අන්‍යයන්ට ගරුකිරීමට පුරුදු පුහුණු කරවීම.

4) දෛනික ජීවිතය ක්‍රමාණුකූල රටාවකට හුරු කරවීම හා එහි විනයක් ඇතිකරවීම..පුද්ගල ආකල්ප හා වටිනාකම් වර්ධනය කරවීම.

5) විධිමත් අධ්‍යාපනය හා ඊට අමතරව බාහිර ක්‍රියාකාරකම් වලට දරුවා හොඳින් හුරු කරවීම.

6) ශ්‍රී ලාංකික සමාජයට පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ඕනෑම පිරිසක් සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට හුරුකරවීම.

7) හිතූමතයේ නැති නාස්ති නොකොට මනාලෙස සම්පත් කළමනාකරණය කරගැනීමට හැකියාව ලබාදීම හා දළ කටුක සරල ජීවිතයේ අත්දැකීම් පුරුදු පුහුණු කරවීම.

ඒ අනුව දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කරමින් මනා පෞරුෂත්වයකින් යුතුවූ යහපත් පුරවැසියෙකු ලෙස තම දරුවා සමාජයට මුදහැරීමේ දෙමව්පිය වගකීම ඔවුන් විසින් ඉටුකල යුතුය.

එමෙන්ම යහපත් දරුවෙකු නිර්මාණය කිරීමේ වගකීම මුළුමනින්ම දෙමව්පියන් වෙත නොපැවරේ..එයට මුළුමහත් සමාජයම වගකිවයුතුය..නමුත් එහි ප්‍රධානම භූමිකාව සතුවන්නේ දෙමව්පියන්ට බව සිහිකල යුතුය. .

මූලික වශයෙන් දෙමව්පියන් සතු කාර්‍යභාරය බිළිඳු අවදියේ සිටම මනා පෞරුෂත්වයකින් යුතු දරුවකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමයි..”ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට” යන ආප්තෝපදේශය දෙමව්පියන් දැඩිලෙස අනුගමනය කළ යුතුය.

දරුවාගේ ක්‍රියාකාරකම් වර්ධනය කරගැනීමට නිදහස ලබාදෙන අතරම ඔහුගේ වටිනාකම් හා ආකල්ප සංවර්ධනය කිරීමට මූලික පියවර ගතයුත්තේ දෙමව්පියන් විසිනි..වර්තමානයේ මෙය දෙමව්පියන් අතින් බොහෝ දුරට මඟ හැරී ඇත..

උදාහරණයක් ලෙස බිළිඳු අවදියේ අන් අයට හිරිහැරයක් නොවන ආකාරයට හැසිරීමට දරුවා පුහුණුකරවීමට දෙමව්පියන් වගබලා නොගනී..සමහර දරුවන් වෙනත් අසල්වැසි හෝ නැදෑ ගෙදරක හෝ ගියවිට දරුවා හිතූ මතේ කෑකෝගසමින් එම නිවසේ බඩු එහෙ මෙහෙ විසිකරමින්, බිඳ දමමින් හැසිරෙනු දෙමව්පියන් බලා සිටින්නේ දරුවාගේ සුරතල් හැසිරීමක් ලෙසය.

එවැනි මොහොතක දරුවාට තරවටු කිරීමක් හෝ එසේ නොකිරීමට වග බලාගැනීමක් දෙමව්පියන් සිදු නොකරයි..ඒ නිසාම නිවැසියන්ද අපහසුවට පත්වේ.

පොදු ස්ථාන වලදීද මෙය දක්නට ඇත..දරුවා දඟකරන මුවාවෙන් පොදු දේපොළ වලට හානිකරද්දී දෙමව්පියන් එය සුරතලයක් ලෙස භාරගන්නවා විනා එය නුසුදුසු ක්‍රියාවක් බව දරුවාට ඒත්තු ගන්වන්නේ නැත.

තරමක් ලොකු වනවිට දරුවාගේ අතට පත්කරවන දෑ ඊටත් වඩා ඛේදජනකය..පොතක් පතක්, දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා සෙල්ලම්බඩුවක්, අධ්‍යාපනික හා ළමා කතා ඇති වැඩසටහන් වෙනුවට දෙමව්පියන් පහසුවට ඔවුන් අතට ෆෝන් එක හෝ ටැබ් එක ලබාදේ..නැතිනම් “ගේම් ගහන්නට”පුරුදු කරවයි.. රූපවාහිනියේ ළමා කාටුන් හෝ චිත්‍රපටි, වැඩසටහන් වෙනුවට ක්‍රියාදාම චිත්‍රපටි , බොළඳ හරසුන් ටෙලිනාට්‍ය බැලීමට ඉඩදී (පහසුව වෙනුවෙන් ) ඔහේ බලා සිටී..

වෙනත් දරුවකු නිවසට ආවිට එම දරුවාට හිරිහැර කිරීමට ඉඩදී බලා සිටින්නේ දරුවාගේ හුරතලයක්ලෙසිනි..සමහර මාධ්‍ය කුඩා දරුවන් ප්‍රසිද්ධ මාධ්‍ය වේදිකා තල වලට ගෙන්වා ඔවුන් ලවා දෙමව්පියන් ගේ අතිශය පෞද්ගලික දේ කතාකරවමින් එයට දිරිදෙමින් සිනාසෙමින් හැසිරෙන අයුරු බලාසිටීමට හිරිකිතය.

මෙවැනි කරුණු බොහෝ ඇත..
නමුත් ඛේදවාචකය සැබැවින්ම පටන්ගන්නේ එතනින් නොවේ..දරුවා අධ්‍යාපනය ආරම්භ කරනවිටය..

දරුවන් සිටින සෑම දෙමාපියකුටම මෙයින් උගතහැකි පාඩම් එමටය..

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan