නිව්යෝක් නඩුව සම්බන්ධයෙන් ඩොලර් මිලියන 354.9ක් ගෙවීමට ට්‍රම්ප්ට නියෝග කෙරේ

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ වැඩිහිටි පුතුන් සහ ඔහුගේ නම සඳහන් සමාගම ණය දෙන්නන්ට වංචා සහගත ලෙස තම ශුද්ධ වටිනාකම වැඩිකර පෙන්වීම සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය විසින් ඩොලර් මිලියන 354.9ක් ගෙවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

මිට අමතරව විනිසුරු ආතර් එන්ගොරොන් විසින් හිටපු ජනාධිපතිවරයාට වසර තුනක කාලයකට නිව්යෝර්ක් නුවර ව්‍යාපාරික කටයුතුවල නිරතවීම තහනම් කර ඇති අතර ඔහුගේ පුතුන් සහ සම-විත්තිකරුවන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 4 බැගින් (පවුම් මිලියන 3.17) දඩයක් සහ නිව් යෝර්ක් හි ව්‍යාපාර කිරීම වසර දෙකක තහනමකට ලක් කර ඇත. එමෙන්ම සම-විත්තිකරුවන්ට ඩොලර් මිලියන 100 ක පමණ පොලියක් ගෙවීමට සිදුවනු ඇති අතර, එමඟින් ණය විය යුතු මුළු අගය ඩොලර් මිලියන 463.9 කි.

විනිසුරුවරයා විසින් ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කර නොමැති අතර මෙය ට්‍රම්ප්ගේ දේපළ වෙළඳාම් අධිරාජ්‍යය අඩාල කරණු ඇති බවයි විචාරකයන් සඳහන් කර ඇති අතර කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...