හිටපු ඇමතිනියගේ සුඛෝපභෝගී මෝටර් රථයට යටවුණු පුද්ගලයෙකු මරුට !

නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය ගමන් ගත් සුඹෝපභෝගී මෝටර් රථයේ හැපීමෙන් අද (17) උදෑසන දඹුල්ල – පැල්වැහැර ප්‍රදේශයේදී පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නාඋල, පෙනෙලබොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිදිරි පුද්ගලයෙකි.

ඔහු පැල්වැහැර ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින හෝටලයක සේවය කළ අයෙකු වන අතර රාත්‍රී වැඩමුරය අවසන් වී නිවෙස බලා යාමට මාර්ගයට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

හිටපු පළාත් සභා අමාත්‍යවරිය ත්‍රිකුණාමලයේ සිට අවමගුල් උත්සවයකට සහභාගී වීම සඳහා කොළඹ බලා ගමන් ගනිමින් සිට ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඇයගේ මෝටර් රථය තමන්ගේ මංතීරුවෙන් නොව ප්‍රතිවිරුද්ධ මංතීරුවෙන් ගමන් කර ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තා විය.

මෝටර් රථයේ හැපුණු පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් ආරියවතී ගලප්පත්ති මහත්මියගේ මෝටර් රථය පැදවූ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...