සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට නව වැඩපිළිවෙලක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

සංචාරක ගමනාන්තයක් බවට පුත්තලම දිස්ත්‍රික්කය පත්කිරිමට සැලසුම් කරන බව, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. ගඟේ වාඩිය, කල්පිටිය,  එළුවන්කුලම සහ විල්පත්තුව ප්‍රදේශ සංචාරක ආකර්ශනය දිනාගත හැකි ස්ථාන ලෙස නම් කරමින් වැඩපිළිවෙල සකස් කරන බවද කියා සිටියේය.

වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සම්බන්ධ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කය මිලියන 3ක් වන අතර, ඉන් ඩොලර් බිලියන 4 ක ආදායමක් අපේක්ෂා කෙරේ. දැනටමත් සංචාරක ක්ෂේත්‍රයෙන් සෘජු රැකියා අවස්ථා ලක්ෂ 4ක් නිර්මාණය වී ඇති අතර වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ 6ක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය සමස්ත සේවා නියුක්තියෙන් ස 10%ක් වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...