සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

සංචාරක ගමනාන්තයක් බවට පුත්තලම දිස්ත්‍රික්කය පත්කිරිමට සැලසුම් කරන බව, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. ගඟේ වාඩිය, කල්පිටිය,  එළුවන්කුලම සහ විල්පත්තුව ප්‍රදේශ සංචාරක ආකර්ශනය දිනාගත හැකි ස්ථාන ලෙස නම් කරමින් වැඩපිළිවෙල සකස් කරන බවද කියා සිටියේය.

වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සම්බන්ධ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කය මිලියන 3ක් වන අතර, ඉන් ඩොලර් බිලියන 4 ක ආදායමක් අපේක්ෂා කෙරේ. දැනටමත් සංචාරක ක්ෂේත්‍රයෙන් සෘජු රැකියා අවස්ථා ලක්ෂ 4ක් නිර්මාණය වී ඇති අතර වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ 6ක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය සමස්ත සේවා නියුක්තියෙන් ස 10%ක් වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...