‘ජන බලය ගැන ෂුවර් නැත්නම් ගෝඨාභය මිත්‍රයා හමුවෙන්න’ – විදුලි බිලට එරෙහි පන්දම් විරෝධය (VIDEO)

විදුලි බිල වැඩි කිරීමට එරෙහි පන්දම විරෝධයක් නුගේගොඩ නගරයේදී සංවිධානය අකර තිබුණි.

යූත් ෆෝ චේන්ජ් සංවිධානය ඊට මූලිකත්වය ගෙන තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය හැර දමා යාමට සිදුවූයේ පැය 8ක් 10ක් විදුලිය කප්පාදු කිරීම නිසා වන අතර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවටද ගෙදර යාමට සිදුවන්නේ විදුලි බිල වැඩි කිරීම නිසා විය හැකි බව එම සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පැවසුවේය.

ජන බලය ගැන විශ්වාසයක් නැත්නම් ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා දැනගත හැකි බවද ඔහු කියා සිටියේය.

දැන් පැමිණ ඇත්තේ ධනවාදයේ ස්විචය ඕෆ් කරන කාලය වන බවත් ජනතා බලයේ ස්විචය ඔන් කිරීමට කාලය පැමිණ ඇති බවත් ඒ සඳහා පෙළගැසෙන බවත් ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...