චීනයේ කුකුල් කේන්තිය පසෙකලා ඇමරිකාව හරි හරියට තායිවානය සමඟ සාකච්ඡා!

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): එක්සත් ජනපදය සහ තායිවානය අතර වෙළඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අභිලාෂය මත දෙරට අතර සාකච්ඡා දිගටම පැවැත්වෙන බව වාර්තා වේ.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දමට, එළඹෙන සතියේදී තායිවාන බලධාරීන් පිරිසක් ධවල මන්දිරය සමඟ පෞද්ගලික මට්ටමින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, මෙලෙස එම සාකච්ඡා පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ, චීනය මඟ හැර අසල්වැසි තායිවානය සමඟ එක්සත් ජනපදය තම වෙළඳ සබඳතා පවත්වා ගැනීම හේතුවෙන් කෝපයට පත් චීනය මඟ හැරීමේ අරමුණින් ය. 

එක්සත් ජනපදයේ ධවල මන්දිරය නියෝජනය කළ ඇමරිකානු ධූත පිරිසක් එළඹෙන සතියේ තායිවානයේ විදේශ අමාත්‍ය ජෝසෆ් වූ සහ එරට ජාතික ආරක්ෂක උපදේශක වෙලිංටන් කූ ගේ නායකත්වයෙන් යුතු ධූත පිරිස සමඟ හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔවුන් එක්සත් ජනපදයේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ජොන් ෆයිනර් සහ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් යන අය හමුවීමට නියමිත ය. 

තායිවානය චීනයෙන් බැහැරව ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පැවතුන ද, එය තවමත් චීනයේ කොටසක් ලෙස විශ්වාස කරන පාර්ශවයන් සිටින අතර, ගෝලීය ආර්ථිකයේ චීනයේ බලය බිඳීම සඳහා එක්සත් ජනපදය විසින් ගත් මෙම උපායමාර්ගික විසඳුම භූදේශපාලනික වශයෙන් අසමතුලිතතාවයක් ඇති කිරීමට සමත් ව තිබේ.

මෙය පළමු වරට මතු වූයේ ඉකුත් වසරේ එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු කතානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක යෙදීමත් සමඟ ය.

ඡායාරූප: REUTERS/Tyrone Siu

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...