*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකට අම්පාරෙන් කොක්කක් !

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වනජීවී රැකවරණ, අලිවැට හා අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බරපතළ මට්ටමේ ගැටුමක් ඇතිවී ඇති බව වාර්තා වේ.

පසුගියදා අම්පාර ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමකට සහභාගී වූ විමලවීර රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශයේ මහාමාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාතු ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබුණු අතර ඔවුන් පවසා තිබුණේ ඒවා තීරණය කරන්නේ කොළඹ, මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් බවයි.

මෙයින් කෝපයට පත් රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ, මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකට ඉතාම තදින් බැනවදිමින් යකා නටා තිබුණු අතර ඒ පිළිබඳ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වී තිබිණි.

මේ පිළිබඳව ආරංචි වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහාම විමලවීර රාජ්‍ය අමාත්‍යවරයාට දුරකථනයෙන් අමතා, තමන්ගේ නිලධාරීන්ට බැනවැදීම සහ තර්ජනය කිරීම පිළිබඳව තදින් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

එහිදී සිය සුපුරුදු ශෛලියෙන්ම ජොන්ස්ටන් අමාත්‍යවරයාට පිළිතුරු දී ඇති විමලවීර රාජ්‍ය අමාත්‍යවරයා, අම්පාර දිස්ත්‍රික්කයේ පොහොට්ටු දේශපාලනය ස්ථාපිත කළේ තමන් විසින් බවත්, තමන් දීර්ඝ කාලයක් තිස්සේම රාජපක්ෂවරුන් සමග දේශපාලනයේ නිරත වූ පුද්ගලයෙකු බවත් සිහිපත් කර ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හැකි දෙයක් ඇත්නම් කරන ලෙස අභියෝග කර ඇති බවත් වාර්තා විය.

මෙයින් පසු කෙළින්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව හමුවීමට ගොස් ඇති විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව මෙම ඇමති – රාජ්‍ය ඇමති ගැටුම මේ වනවිට රාජපක්ෂ පවුලේ මට්ටමෙන් විසඳෙන තත්වයක් දක්වා උඝ්‍ර වී ඇති අතර, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද රාජපක්ෂවරුන් සමග සමීපතම ඇසුරක් සහිත දේශපාලනඥයකු වීම නිසා ප්‍රශ්නය තවත් බොහෝ දුරදිග යන තත්වයක් උද්ගත වී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan