පවුලේ හයියෙන් දුවන ජාකොබ්ට මීටර් 1500 ලෝක වාර්තාව

Date:

පිරිමි මීටර් 1500 ඉසව්වේ ඔලිම්පික් වාර්තාලාභි ජාකොබ් ඉන්ගෙබ්රිග්ට්සෙන් සිය ධාවන ජීවිතයේ තවත් ස්වර්ණමය කඩ ඉමකට පිවිසෙමින් 2022 පෙබරවාරි 17 වන දා එම ඉසව්වේ ගෘහස්ත ලෝක වාර්තාවේ හිමිකාරීත්වය දිනා ගත්තේය.ඒ ප්‍රංශයේ ලෙයිවින් හි පැවති ගෘහස්ථ ධාවන තරගයකදී ය.ඒ දක්වා එහි ලෝක වාර්තාව දිනා සිටියේ ඉතියෝපියාවේ සැමුවෙල් ටෙෆාරා ය.මේ තරගයේ දී ඔහු ද ධාවනයේ යෙදුණ අතර එයද අතිරේක වාසියක් බවට හරවා ගත් ජාකොබ් ඔහුට තත්පර තුනක් පමණ කාලයක් ඉදිරියෙන් සිට විනාඩි 3;30.60 දී තරගය නිමා කළේය.

ජාකොබ් පැහැදිළි ගමණක් ආ අයෙක්ය.ඔහු ඔලිම්පික් වාර්තාව තැබීමට පෙර විස්මිත ධාවකයෙක් බව ඔප්පු කර අවස්ථා බොහෝය.අවුරුදු 16 දී සැතපුමක දුරක් විනාඩි 4 ට පෙර දිව ගිය ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු වෙන්නේ ජාකොබ්ය.කණිෂ්ඨ මීටර් 1500 ලෝක වාර්තාව පවතින්නේ ද ජාකොබ් නමින්ය.එම කාලය 3;36.02 කි.මීටර් 1500 සහ මීටර් 5000 ඉසව් ද්විත්වයම ලෝක කණිෂ්ඨ මලල සූරතාවලියකදී දිනා ඇත්තේ ද ජාකොබ්ය.

මෙච්චර හපන්කම් කරන ජාකොබ් ඉන්ගෙබ්රිග්ට්සෙන් පුහුණු කරන්නේ ඔහුගේ පියා ය.ඔහු ද අපූරු පුහුණුකරුය.ජාකොබ් පමණක් නොවේ ඔහුගේ පවුලේ හෙන්රි සහ පිලිෆ් යන පුතුන් ද ලෝක මට්ටමෙන් අවධානය දිනා ගත් ධාවකයෝ වෙති.මේ පුතුන්ගේ දක්ෂකම නිසාම පුහුණුකරුවෙක් වෙන්නට අවධිමත්ව සිය දැණුම උකහා ගත් ජාකොබ්ගේ පියා වන ග්ජෙර්ට් ඉන්ගෙබ්රිග්ස්ටෙන් 2018 දී සිය පුතුන්ගේ අප්‍රමාණ දස්කම් සළකා හොඳම නොර්වේජියානු පුහුණුකරු බවට ද පත් විය.

ටෝනේ ඒවා ජාබේගේ මවය.ඔහුට තව සහෝදරයන්ම පහකි. බාල සහෝදරිය ඉන්ගර්ඩ් ට තවමත් අවුරුදු 13 ක් වුව,ඇයද නෝර්වේජියානු මලල ක්‍රීඩාවේ බලාපොරොත්තුවක් බවට වැඩෙමින් සිටින්නියකි. දැනට ධාවනයේ යෙදෙන හෙන්රි සහ ෆිල්ප් සහෝදර කණ්ඩායමේ දෙවැන්නා සහ තෙවැන්නා ය.පස්වැන්නා වන්නේ ජාකොබ්ය.

මේ සියල්ල ජාකොබ්ගේ පසුපසින් ශක්තිය දෙන්නෝය.ඒ නිසා පවුලක් හැටියට ජාකොබ්ව දුවන්න හයිය දෙන දුවන අයියලා දෙන්නාගේ මඟ පෙන්වීම සහ උපදෙස් නිසා ඔවුන් අතින් වූ වැරදි ජාකොබ්ගේ අතින් සිඳු නොවන්නට වග බලා ගත්තේය.තාත්තා දැණුම ඇති අයගෙන් කතා කරමින් ද විවිධ පොත පත ඇසුරෙන් ලබා ගත් මුලාශ්‍ර ඇසුරෙන්ද තමන්ටම ආවේනික වූ පුහුණු ශෛලියක් සකසා ගත්තේය.එය වෙනස්ම දාර්ශනික පදනමකින් ක්‍රීඩකයා දෙස බලන ප්‍රායෝගික වැඩ සැළසුමක්ය.ලෝකය අද ඔහුට ඇහුං කං දෙන්නට පටන්ගෙන ඇත.පූර්ණ සිද්ධාන්තමය වශයෙන් නොවන ප්‍රායෝගික පුහුණු ක්‍රියාවලියකින් ලෝකයේම අවධානය දිනා ගත් ධාවකයන් තිදෙනෙක් බවට සිය පුතුන් පත් කර තිබෙන ග්ජෙරට්, ලෝක මලල ක්‍රීඩාවේ ආකර්ශණියම පවුලක් බවට ඉන්ගෙබ්රිග්ට්සෙන් පවුල පත් කර ඇත.ඒ නිසාම මේ වන විටත් ඒ පවුල වටා ගෙතුණු “ටීම් ඉන්ගේබ්රිග්සෙන් ” ජනප්‍රිය ටෙලි වෘතාන්ත මාලාවක්ද සකස් වී ඇත.

ජාකොබ් ගැන මෙන්ම ඉන්ගෙබ්රිග්සෙන් පවුල ගැන ද වැඩිපුර කතා කරන්නට ඇත්තේ තව ඉදිරියට ය.මන්ද 2000 සැප්තැම්බර් මස 19 වන දින උපන් ජාකොබ්ට තවම වයස අවුරුදු 21 කි.ඔහු පටන් ගත්තා පමණි.ඒ නිසාම අප ඔහු ගැන ලියන්නත් ඇරඹුවා පමණි.සමහර විට ඉන්ගර්ඩ් ගැන ද ලියැවෙන්නට ඉඩ ඇති නිසා ඉන්ගේබ්ර්ග්සෙන් පවුල හා සබැඳි ලිවීම් කාලයක්ම කරන්නට වීම ක්‍රීඩා මාධයකරුවන්ගේ වගකීම වෙනු ඇත.

පියා සහ පුතුන් තිදෙනා
ඉන්ගෙබ්රිග්සෙන් පවුල

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...